Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic තරිඳු - නවෝද් ද්‍රවිඩ සංගම් පිල දිනවති
අන්තර් සමාජ ක්‍රිකට්

තරිඳු - නවෝද් ද්‍රවිඩ සංගම් පිල දිනවති

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 169 ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී. ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. පන්දුවට පහර දීමේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 98 ක් රැස්කළ නවෝද් පරණවිතාන, ඉන් නොනැවතී ලකුණු 18 කට කඩුලු 6 ක් දවාගනිමින් ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

පළමු ඉනිමේදී ලකුණු 65 කට කඩුලු 9 ක් දවාගත් තරිඳු රත්නායක, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 85 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන් කැපී පෙණුන දස්කම් දැක්වීය. දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීමේදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 81 ක් රැස්කිරීමටද ඔහු සමත් විය. 

මෙම තරගයේදී බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් මාලින්ද පුෂ්පකුමාර ලකුණු 216 කට කඩුලු 11 ක් දවාගත් අතර මොහොමඩ් සිරාස් ලකුණු 128 කට කඩුලු 6 ක් දවාගත්තේය. 


ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 224 
(නවෝද් පරණවිතාන 24, සිනෙත් ජයවර්ධන 72, මොහොමඩ් ශමාෂ් 20, අයන සිරිවර්ධන 20, ළහිරු සමරකෝන් නොදැවී 49, මොහොමඩ් සිරාස් 63/5, මාලින්ද පුෂ්පකුමාර 123/5) 

බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 202  
(රොෂේන් සිල්වා 67, ඩිල්ෂාන් ද සොයිසා 35, මාලින්ද පුෂ්පකුමාර 22, තරිඳු රත්නායක 65/9) 

ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 259 
(නවෝද් පරණවිතාන 98, සඳුන් වීරක්කොඩි 22, තරිඳු රත්නායක 81, මාලින්ද පුෂ්පකුමාර 93/6, මොවින් සුබසිංහ 86/3) 

බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 112 
(රජීව් සඳරුවන් 30, මොවින් සුබසිංහ නොදැවී 36, නවෝද් පරණවිතාන 18/6, තරිඳු රත්නායක 85/4) 


අදහස් (0)

තරිඳු - නවෝද් ද්‍රවිඩ සංගම් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.