Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන තරගාවලියේ ‘සම්පූර්ණ සුද්දයක’ බලාපොරොත්තු රඳවාගැනීමේ මූලික අඩිතාලම දමාගත් ඕස්ට්‍රේලියානුවෝ බ්‍රිස්බේන්හිදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක දැවැන්ත ජයක් ලබාගත්හ. ලකුණු 170 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද (27 වැනිදා) කිසිවකු නොදැවී සිය ඉලක්කය කරා අවතීර්ණ වූයේය.
![]() |
![]() |
ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් (නොදැවී 87) සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් (නොදැවී 82) ඕස්ට්‍රේලියානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
මෙම පිතිකරුවෝ දෙදෙනා ඊයේ (26 වැනිදා) ක්‍රීඩාව අවසන් කළේ අද පෙරවරුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 56 ක් පමණක් ඉතිරි කරගනිමිනි. එහෙත් ජයග්‍රහණයට ලකුණක් අවශ්‍යව තිබියදී පන්දුව හතරේ සීමාවට ගිය හෙයින් සම්බන්ධතාව ලකුණු 173 ක් විය.
ටෙස්ට් තරගයක් අවසන් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනකු විසින් තබන ලද දීර්ඝතම සම්බන්ධතාව ගොඩනැංවූ වෝනර් සහ බැන්ක්‍රොෆ්ට්, වසර 87 ක් පැරණි වාර්තාවක් තමන් සතුකරගත්හ. එහි පැරණි වාර්තාවට හිමිකම් කීවේ 1930 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇඩිලේඩ්හිදී ලකුණු 172 ක් රැස්කළ බිල් පොන්ස්ෆර්ඞ් සහ ආචි ජැක්සන් දෙදෙනාය.
මෙය කැමරන් බැන්ක්‍රොෆ්ගේ මංගල ටෙස්ට් තරගය වූවත් එහිදී ඔහුට ශතකයක් කරා යාමට තරම් දුර ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන්ට නොලැබිණ.
ඕස්ට්‍රේලියානුවෝ වසර හතරකට ඉහතදී ඇලිස්ටෙයාර් කුක් නායකත්වය දැරූ එංගලන්ත කණ්ඩායම 5-0 කින් පරාජය කරමින් අළු බඳුන තරගාවලියේදී එංගලන්තයට සම්පූර්ණ සුද්දයක් දුන්හ. ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති අළු බඳුන තරග වලදී වසර 31 ක් පුරා ඕස්ට්‍රේලියාව අපරාජිත භාවය රැකගෙන සිටී. එංගලන්තය අවසන් වරට ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගත්තේ 1986 දී මයික් ගැටිංගේ නායකත්වයෙනි.
නොදැවී ලකුණු 143 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට පදනම දැමූ ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණ. ස්මිත්ගේ මෙම ඉනිම නිසා ඕස්ට්‍රේලියාවට ලකුණු 26 ක මුල් ඉනිමේ වාසියක් ලැබුණු අතර එංගලන්ත දෙවැනි ඉනිමේදී ලකුණු 26 ක් ලබාගැනීමට පෙර කඩුලු දෙකක්ම බිඳ වැටිණ. එතැනින් පසුබෑමට ලක්වූ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 19 දී නිමා වූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.