මොරටුව වේල්ස්කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 64 වැනි රන් හටනේ පළමු දිනය වූ අද (7 වැනිදා) සවස තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන වේල්ස්කුමරුවෝ කඩුලූ 3 ක් දැවී ලකුණු 156 ක් ලබා ප‍්‍රබල පිළිතුරකට සූදානමින් සිටියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් පිල ලකුණු 220 කට දැවී ගියේය.
මන්දාලෝක තත්ත්වය නිසා තරගය නියමිත වේලාවට පෙර නතර කිරීමට විනිසුරුවන් පියවර ගත් අතර ඒ මොහොතේ කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් සහ සුචිර ප‍්‍රනාන්දු ලකුණු 2 ක් බැගින් ලබා කඩුල්ලේ රැදීසිටියහ.
ලකුණු 4 ක් ලබාසිටි ආරම්භක පිතිකරු ශානුක දුලාජ් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යෑවීමට දකුණත් වේගපන්දු යවන කී‍්‍රඩක ශාන් ප‍්‍රනාන්දු සමත්වුවත් ගයාන් චාමර (43) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 80) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනමින් තම පිල ස්ථාවර තත්ත්වයකට රැුගෙන ආහ.
ගයාන්ගේ දැවීයෑමෙන් පසුව ක-ුසල් සමග එක්වූ වේල්ස්කුමර විදුහලේ නායක අශේන් මෙන්ඩිස්ට ලබාගත හැකිවූයේ ලකුණු 19 ක් පමණි. සංගීත් කුරේ එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම හේතුවෙන් ඔහුට ආපසු කී‍්‍රඩාගාරයට යෑමට සිදුවිය.
අද උදෑසන 9.45 ට පමණ තරගය ආරම්භවූ අතර කාසියේ වාසිය දිනාගත් වේල්ස්කුමර විදුහලලේ නායක අශේන් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල තම පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 220 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු යුගලය ලෙසින් පිටියට පිවිසි ලූක් ජයදේව සහ සංගීත් කුරේ අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 4 කට සීමා කළ සචිත් පුෂ්පකුමාර, එක් ලකුණක් පමණක් ලබා සිටි ලූක් ජයදේව පිටියෙන් ඉවත්කිරීමට සමත්විය.
තෙවැනි පිතිකරු ලෙස තම ඉනිම ඇරඹූ අවිෂ්ක ප‍්‍රනාන්දු වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සහ කළ අතර පන්දු 46 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 47 ක් ලබාසිටියදී දැවීගියේ ජයංග පීරිස්ගේ පන්දුවකට අශේන් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමිනි.
අවිෂ්ක ප‍්‍රනාන්දු සහ සංගීත් කුරේ අතර දෙවැනි කඩුල්ල සඳහා පැවති ලකුණු 89 ක සම්බන්ධතාව බිඳවැටීමත් සමග පිටියට පිවිසි මුදිත ප‍්‍රනාන්දු ලකුණු 32 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට ජයංග පීරිස් සමත්විය. තිලාන් නිමේෂ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවීයන විට ආරම්භක පිතිකරු සංගීත් කුරේ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කරගෙන සිටියේය.
ශාන්ත සෙබස්තියන් පිලේ මැද පෙළ පිතිකරුවන් එකා පිට එකා අසාර්ථක වෙද්දී හුදෙකළා සටනක නිරත වූ නායක අනුක් ප‍්‍රනාන්දු පන්දු 59 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 36 ක් රැුස්කළේය. ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ සචින්ත පොන්සේකා පන්දු 19 කින් ලකුණු 20 ක් රැස්කළ අතර ඔහු එම ලකුණු 20 රැස්කළේ හතරේ පහර 5 කින් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
වේල්ස්කුමර විදුහලේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ වමතින් පාදඟ පන්දු යවන කී‍්‍රඩක තිලාන් නිමේෂ් ලකුණු 41 කට ශාන්ත සෙබස්තියන් විදුහලේ කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
ශාන්ත සෙබස්තියන් පිලේ 9 වැනි පිතිකරුවා වූ උමේෂ්ක මොරායස්, සචිත් පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ඔහුටම ලබාදුන් උඩපන්දුවක් රැක ගැනීමට යෑමේදී උමේෂ්ක විසින් සචිත්ට කරනු ලැබූ බාධා කිරීමක් මත ඔහුට එම උඩපන්දුව රැක ගැනීමට නොහැකිවිය. පසුව වේල්ස්කුමර විදුහලේ කී‍්‍රඩකයන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගෙන විනිසුරුවන් එය දැවී යෑමක් ලෙස සඳහන් කළේය.
හෙට තරගයේ දෙවැනි දිනයයි
ලකුණු පුවරුව
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම
සංගීත් කුරේ - ක. මු. කළා ප. තිලාන් නිමේෂ් 43
ලූක් ජයදේව - ක. මු. කළා ප. සචිත් පුෂ්පකුමාර 01
අවිෂ්ක ප‍්‍රනාන්දු - ඇ. අශේන් මෙන්ඩිස් ප. ජයංග පීරිස් 47
මුදිත ප‍්‍රනාන්දු - දුවද්දී දැවීගියා (ජයංග පීරිස්) 32
කුසල් ලක්තිළිණ - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. තිලාන් නිමේෂ් 12
අනුක් ප‍්‍රනාන්දු - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. සචිත් පුෂ්පකුමාර 36
ශාන් ප‍්‍රනාන්දු - ඇ. හසිත ලංකා ප. ගයාන් චාමර 11
සචින්ත ෆොන්සේකා - ඇ. අශේන් මෙන්ඩිස් ප. තිලාන් නිමේෂ් 20
උමේෂ්ක මොරායස් - පන්දු රකින්නාට බාධා කිරීම 02
ඉසුරු මෙන්ඩිස් - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. තිලාන් නිමේෂ් 01
ලහිරු හේෂාන් - නොදැවී 06
අතිරේක 09
එකතුව ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී 220
කඩුලූ වැටීම:
1-5(ලූක් ජයදේව), 2-93(අවිෂ්ක ප‍්‍රනාන්දු), 3-101(මුදිත ප‍්‍රනාන්දු), 4-137(සංගීත් කුරේ), 5-146(කුසල් ලක්තිළිණ), 6-179(ශාන් ප‍්‍රනාන්දු), 7-209(සචින්ත ෆොන්සේකා), 8-209(අනුක් ප‍්‍රනාන්දු), 9-214(ඉසුරු මෙන්ඩිස්), 10-220(ඉසුරු මෙන්ඩිස්)
පන්දු යැවීම:
සචිත් පුෂ්පකුමාර 9.5-0-23-2, ගයාන් චාමර 6-1-34-1, ශෙනාල් චේතන 2-0-18-0, ජයංග පීරිස් 14-1-95-1, තිලාන් නිමේෂ් 20-6-41-4, ශානුක දුලාජ් 2-0-07-0
වේල්ස්කුමර විදුහල පළමු ඉනිම
ශානුක දුලාජ් - ඇ. සචින්ත ෆොන්සේකා ප. ශාන් ප‍්‍රනාන්දු 04
ගයාන් චාමර - ක. මු. කළා ප. ලහිරු හේෂාන් 43
කුසල් මෙන්ඩිස් - නොදැවී 80
අශේන් මෙන්ඩිස් - ප. සංගීත් කුරේ 19
සුචිර ප‍්‍රනාන්දු - නොදැවී 02
අතිරේක 08
එකතුව ඕවර 39 කදී කඩුලූ 3 ක් දැවී 156
පන්දුවට පහර දීමට සිටින කී‍්‍රඩකයෝ:
කි‍්‍රෂේන් අපොන්සු, හසිත ලංකා, ජයංග පීරිස්, තිලාන් නිමේෂ්, සචිත් පුෂ්පකුමාර, සෙනාල් චේතක
කඩුලූ වැටීම:
1-11(ශානුක දුලාජ්), 2-105(ගයාන් චාමර), 3-152(අශේන් මෙන්ඩිස්)
පන්දු යැවීම:
අනුක් ප‍්‍රනාන්දු 9-0-34-0, ශාන් ප‍්‍රනාන්දු 4-0-19-1, කුසල් ලක්තිළිණ 2-0-11-0, ලහිරු හේෂාන් 10-0-45-1, උමේෂ්ක මොරායස් 8-1-28-0, ඉසුරු මෙන්ඩිස් 2-0-11-0, සංගීත් කුරේ 4-0-07-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.