Last Update  :  2025-10-23 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මට චෝදනා කරන්නේ සහයෝගය නොදීම ගැනයි

මට චෝදනා කරන්නේ සහයෝගය නොදීම ගැනයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයෙන් තමන් වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට තමා සූදානම් බවත් තමන්ගේ නීතිඥ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතාගේ නිවේදනයේ මෙසේද සටහන් වේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් දේශීය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ලෝලීන් අතරේ විවිධාකායේ අනුමානකිරීම් පැතිරෙමින් තිබේ. 

එහෙත් අවාසනාවත්ත තත්ත්වයකට මෙන්, මෙම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර එම චෝදනා සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාරය දින 14 ක් ඇතුළතදී ඉදිරිපත් කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස මගේ නීතිඥ කණ්ඩායම මට දැඩිසේ උපදෙස් දී තිබේ. මක්නිසාද යත් එමගින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීති උල්ලංඝණය විය හැකි බැවිනි. 

මගේ නීතිඥ කණ්ඩායම මේ වන විටත් අදාළ පිළිතුරු සකස් කරමින් සිටින අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි. 

කෙසේ වෙතත්, මට ලැබී තිබෙන උපදෙස් අනුව, මෙවැන්නක් කීමට කැමැත්තෙමි. 

මට එල්ලවී ඇති චෝදනා අතර තරග පාවාදීම, තණතීරු වෙනස් කිරීම හෝ එවැනි වෙනත් චෝදනාවක් නැත. එල්ලවී තිබෙන චෝදනා වන්නේ ඔවුන්ගේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් මා සහයෝගය නොදැක්වීම සහ සහාය නොදීමයි. 

ක්‍රීඩාව සම්බන්ධයෙන් මා සියලු අවස්ථාවන්හිදී අවංක භාවයෙන් යුතුව මෙන්ම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කර ඇත්තෙමි. මම ඉදිරියටත් එලෙසින්ම කටයුතු කරමි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනය

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ. 
ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පහත සම්බන්ධ කාරණා සම්බන්ධයෙනි. 

2.4.6 වගන්තිය

සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකදී දූෂණ මර්ධන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත් වීමද මෙම කොටසට ඇතුළත් වේ. 

2.4.7 වගන්තිය

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, ඒවායින් ආවරණය වී සිටීම, අදාළ ලේඛන නැතහොත් එවන් දූෂණ මර්ධන නීති යටතේ පරීක්‍ෂණවලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ගතහැකි ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම.

මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා 2018 ඔක්තෝබර් මස 15 වැනිදා සිට දින 14 ක කාලයක් ජයසූරිය මහතාට තිබේ. එතෙක් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත 


 

 


අදහස් (0)

මට චෝදනා කරන්නේ සහයෝගය නොදීම ගැනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.