Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු විස්සයි20 තරගයේ ජය ඉන්දියාවට

පළමු විස්සයි20 තරගයේ ජය ඉන්දියාවට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී ඊයේ (18 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 28 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. එය බුවනේෂ්වරගේ හොඳම විස්සයි20 පන්දු යැවීම ලෙසද වාර්තා අතරට එක් විය.

පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 70 ක් රැස්කිරීමට රීසා හෙන්ඩ්‍රික් සමත් වුවද, දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට අතරම් එය ප්‍රමාණවත් නොවීය. ෆර්හාන් බෙහාර්ඩීන් (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෙන්ඩ්‍රික් සමත් විය. පන්දු 27 කදී වාර්තා වූ බෙහාර්ඩීන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිය සිවුවැනි විස්සයි20 අර්ධ ලබාගැනීමට ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමත් විය. පන්දු 39 කට මුහුණදුන් ධවාන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කළේය. නායක විරාට් කෝලි (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ධවාන් සමත් විය. පන්දු 20 කදී වාර්තා වූ කෝලිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.


ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 203  
(රෝහිත් ශර්මා 21, ශිකර් ධවාන් 72, සුරේෂ් රයිනා 15, විරාට් කෝලි 26, මනීෂ් පාණ්ඬේ නොදැවී 29, මහේන්ද්‍ර සිං දෝනි 16, ජූනියර් ඩෙලා 47/2)

දකුණු අප්‍රිකානු පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 175   
(රීසා හෙන්ඩ්‍රික් 70, ෆර්හාන් බෙහාර්ඩීන් 39, හෙන්රික් ක්ලාසීන් 16, බුවනේෂවර් කුමාර් 24/5)


- 036

 


අදහස් (0)

පළමු විස්සයි20 තරගයේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.