Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ

දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් දෙවැනි නව පන්දුව ලබාගැනීමට පාකිස්තානු නායකයා තීරණය කිරීමත් සමග පසුපාදයට වැටුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 261 ක් ලබා සිටියේය.

ඉනිමේ 82 වැනි  ඕවරය නිමා වීමත් සමගම පාකිස්තානු නායකයා දෙවැනි නව පන්දුව ලබාගැනීමට තීරණය කළේය. ඒ වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් ලකුණු 12 ක් තුළදී දවාගත් ජුනයිඞ් ඛාන් සහ වහබ් රියාස් වමත් වේග පන්දු යවන්නන් හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා නැවත වරක් කදිමට නිරාවරණය කළහ.


දශක ගණනාවක සිටම වමත් වේග පන්දු යවන්නන් හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දුර්මුඛ වීම සුපුරුදු දසුනක් වන අතර ඔවුන් දෙවැනි නව පන්දුව ලබාගතහොත් ලකුණු ස්වල්පයක් හමුවේ කඩුලූ දෙක තුනක් බිඳවැටීම සාමාන්‍ය දසුනකි. මෙම තරගයේදීත් ජුනයිඞ් ඛාන් (69/4) සහ වහබ් රියාස් (66/3) දෙදෙනා බිඳවැටුණු කඩුලූ 8 න් 7 ක් බෙදාගත්හ.


ඉඳහිට ඇහිබැමි ඉහළ නැංවූවද ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිගු ඉනිමකට සූදනම් වූ උපුල් තරංග ලකුණු 92 ක් ලබා සිටියදී දැවී ගියේය. උපුල් තරංග පා කි‍්‍රයාකාරීත්වය තරමක් අඩු පිතිකරුවකු වන හෙයින් වහබ් රියාස්ගේ පන්දුවකට එකතැන සිටගෙන මුහුණදීමට යාමේදී ලැබුණු උඩපන්දුවක් ‘ෂෝට් ලෙග්’ ස්ථානයේ සිටි අසාර් අලි විසින් ඉතා විශිෂ්ට අයුරින් රැුකගන්නා ලදි. විනාඩි 266 ක් පුරා පන්දු 179 කට මුහුණ දුන් උපුල් තරංග හතරේ පහර 12 කින් තම ඉනිම සැරසීය.


තරංග දැවී යාමත් සමගම ශ‍්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ බර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න වෙත පැවරුණද තිරිමාන්නත් ලකුණු 20 ක් ලබා දැවී ගියේය.


ශ‍්‍රී ලංකා පිල ලකුණු 300 මායිමෙන් එතෙර කිරීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවරුණු අතර නිරෝෂන් දික්වැල්ල සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කර තිබියදී දෙවැනි නව පන්දුවෙන් යැවුණු දෙවැනි පන්දුවම දික්වැල්ලගේ පා ආවරණයේ වැදිණ. විනිසුරු තීරණය විමසීමට දික්වැල්ල උත්සුක වූ නමුත් විනිසුරුවරයා නිවැරදි බව සනාථ විය.


ටෙස්ට් ලකුණු 3000 කඩයිම පසුකළ මැතිව්ස් දැවී ගියේ සිය සහායක පිතිකරුවන් දැවී යන හෙයින් තමන්ම හෝ කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ගැන උනන්දු වූ හෙයිනි.


පාකිස්තානු නායක මිස්බා උල් හක් ඇතුළු පාකිස්තානු කී‍්‍රඩකයන් විසින් උණුසුම් සුබපැතුම් සමගින් සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන මහේල ජයවර්ධන පිටියට පිළිගන්නා ලදි. එහෙත් තමාගේ පි‍්‍රයතම කී‍්‍රඩාංගණය වන එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී මෙවර මහේලට ලබාගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.


තේ පානයෙන් මඳ වේලාවකට පසුව මැද ඉන්න එල්ලයේ පතිත වු සයීඞ් අජ්මල්ගේ පන්දුව කඩුල්ල තුළට ඇදී එද්දී මහේලගේ පා ආවරණයේ වැදිණ. පන්දු යවන්නාගේ ඉල්ලීම විනිසුරුවරයා අනුමත කිරීමෙන් පසුව මඳ වේලාවක් කල්පනා කළ මහේල තීරණය පිළිබඳ නැවත නොවිමසාම ක‍්‍රීඩාගාරයට ගියේය.


පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 79 ක සම්බන්ධතාව බිඳී ගියේ දිවා ආහාරයෙන් පසුව කෞෂාල් සිල්වා ලකුණු 41 කට දවාගැනීමට  වමතින් වේග පන්දු යවන ජුනයිඞ් ඛාන් සමත් වීමෙනි. එයින් ලකුණු 65 කට පසුව  වහබ් රියාස්ගේ පන්දුවක් කඩුල්ලට තුළට ඇදගත් කුමාර් සංගක්කාර ලකුණු 22 කට දැවී ගියේය. කෙසේ වෙතත් සංගක්කාර පිටියට පැමිණීමෙන් පසුව ලකුණු ලබාගැනීම තරමක් වේගයත් වූ හෙයින් සංගක්කාර දැව යන විට ලකුණු වේගය  ඕවරයකට 3.00 ක් ඉක්මවා තිබිණ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ශාන්ත රත්නායක)


අදහස් (4)

දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.