Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සම කරති

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සම කරති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු වේග පන්දු යැවීමේ බලඇණිය හමුවේ ලකුණු 101 ක ජයග්‍රාහී ඉලක්කය සාර්ථකව හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම 1-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය සමකර ගත්තේය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ජයග්‍රාහී ඉලක්කය හඹා යාම පහසු විය. පෝර්ට් එළිසබෙත්හි ශාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයේ සිටියවුන්ට තිබූ අසීරුම අභියෝගය වූයේ තරගයේ වීරයා කවුරුන්ද යන්න තීරණය කිරීමයි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඒ.බී. ඩිවිලියර්ස් මෙන්ම කගීසෝ රබාඩාත් ඒ තරමටම විශාල දායකත්වයක් දැක්වූහ.

ඩිවිලියර්ස් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 126 නිසා තරගයේ ස්වරූපය එහෙම පිටින්ම වෙනස් වූ අතර දකුණු අප්‍රිකානුවන් ලබාගත් මුල් ඉනිමේ වාසියේ පදනමද එය විය. එවන් වේදිකාවක සිට විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රබාඩා දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු හය නිසා දකුණු අප්‍රිකානුවන්ගේ ඉලක්කය ලකුණු 101 ක් තරම් පහසු එකක් විය.

ඩිවිලියර්ස්ගේ මුල් ඉනිමත් දෙවැනි ඉනිමේදී ඔහු ලබාගත් ලකුණු 28ත් බොහෝ කාලයක් දකුණු අප්‍රිකානුවන්ගේ මතකයේ රැඳෙන නමුත් වැඩි දෙනාගේ කතාබහට ලක්වූයේ ඕස්ට්‍රේලියානු පිතිහරඹය එහෙම පිටින්ම මොටකර දැමූ රබාඩාගේ පන්දු යැවීමයි.

තරගයේ සිවුවැනි දිනය වූ අද උදෑසන ක්‍රීඩාව ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 41 කින් ඉදිරියෙන් සිටි අතර ඔවුන් සතුව කඩුලු 5 ක් තිබිණ. යම් හෙයකින් ඕස්ට්‍රේලියානු පිලේ පසුපෙළ පිතිකරුවන්ට ක්‍රියාත්මක වීමට අවසර දුන්නේ නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 200 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හඹා යාමේ අසීරු අභියෝගයට මුහුණ දීමට සිදුවිය හැකිව තිබිණ. එහෙත් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන්ට රබාඩා හරස් වූයෙන් දකුණු අප්‍රිකනු පිලේ ඉලක්කය ලකුණු 101 දී නතර විය.

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 243 යි
දකුණු අප්‍රිකාව  - පළමු ඉනිම 382 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 5 ට 180 යි

(කැමරන් බැන්ක්‍රොෆ්ට් 24, ඬේවිඞ් වෝනර් 13, උස්මන් කවාජා 75, ස්ටීවන් ස්මිත් 11, මිචෙල් මාෂ් 45, ටිම් පේන් නොදැවී 28,  කගීසෝ රබාඩා 54/6, කේෂව් මහරාජ් 90/2, ලුංගි නිදී 24/2)
දකුණු අප්‍රිකාව  - දෙවැනි ඉනිම කඩුලු 4 ට 102
(ඒඞ්න් මාක්රාම් 21, හසිම් අම්ලා 27, ඒ.බී. ඩිවිලියර්ස් 28, තියුනිස් ඩි’බෘයින් නොදැවී 15, නේතන් ලයන් 44/2)

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.