Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සංගක්කාර ලෝක වාර්තාවක් අබියස සිටියදී දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රකට් ඉතිහාස පොතට අලූත්ම මාතෘකාවක් එක්කරමින් ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය හෙට (16 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ සිට නිමාවූ එංගලන්ත සංචාරය දක්වා පැවැති ටෙස්ට් තරග 4 කදී පිට පිටම ඉනිම 7 කදී අර්ධ ශතක ලබාගත් සංගක්කාර මෙ තරගයේදීත් අර්ධ ශතකයක් ලබාගන්නේ නම් එය ලෝක වාර්තාවක් වෙයි. හසිම් අම්ලා හෙට කි‍්‍රකට් වාර්තා පොතට එක්වන්නේ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවූ පළමු සුදු ජාතික නොවන කී‍්‍රඩකයා වශයෙනි. වර්ණභේදවාදී ප‍්‍රතිපත්ති හේතුවෙන් දකුණු අපි‍්‍රකානුවෝ සුදු ජාතික නොවන කී‍්‍රඩකයන් ප‍්‍රතික්ෂේප කර තිබිණ.
මේ වන විටත් එක්දින තරගාවලිය පරාජය වී සිටින හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අභිප‍්‍රාය වන්නේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදීම දකුණු අපි‍්‍රකානුවන් බිම දමා ගැනීමයි. ඒ සඳහා අලූත්ම ආකාරයේ සැලැස්මක් සකස් කර ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දග පන්දු යවන්නන් තිදෙනකු සමගින් මෙම තරගය සඳහා කි‍්‍රඩකයන් 12 දෙනකු තෝරා ගෙන තිබේ. හෙට පෙරවරුවේදී කාසියේ වාසිය උරගා බැලීමට පෙර 12 දෙනාගෙන් අවසන් 11 දෙනා තෝරා ගැනීමට නියමිතය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක් වේග පන්දු යවන්නකු සහ දග පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට ඇතුළත් කරමින් දකුණු අපි‍්‍රකානුවන් අමාරුවේ දැමීමයි. එහෙත් එවැන්නක් කිරීමේදී පළමුව පන්දු යැවීමට සිදු වුවහොත්, එමගින් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිහරඹයට කිසියම් බලපෑමක් ඇතිවේද යන්න පිළිබඳවත් ශී‍්‍ර ලංකා පිල සිතමින් පසුවෙයි. කඩුලූ රැකීමේ අත් ආවරණ දිනේෂ් චන්දිමාල් අත හෙයින් පිතිකරුවන් හත් දෙනකු කණ්ඩායමට එක් කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට තිබේ.
ශී‍්‍ර ලංකාවට ඉතාමත් වාසිදායක ටෙස්ට් කී‍්‍රඩාංගණයක් ලෙසින් සැලකෙන ගාල්ල කී‍්‍රඩාංගණයේදී තරගාවලියක පළමු තරගයට මුහුණ දීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මහත් කැමැත්තක් දක්වයි.
හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකු වන ජයනන්ද වර්ණවීර මහතාගේ ඇල්ම බැල්ම ඇතිව පවතින ගාල්ල කී‍්‍රඩාංගණයේ තණතීරුව ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට හරියටම ගැළපෙන ආකාරයෙන් සකස් කරන්නේ කෙසේද යන්න ඔහු දනී. මෙම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 22 කට සහභාගි වී ඇති ශී‍්‍ර ලංකා පිල ඒවායින් 12 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 4 ක් පමණි. තරග 6 ක් ජයපැරදුමෙන් තොරව අවසන් කර තිබේ.
වසර 2000 ෂෝන් පොලොක් නායකත්වය දැරූ පළමු ටෙස්ට් තරගය පැවැතියේද ගාල්ලේදීමය. එහිදී දග පන්දු යවන්නන් දෙදෙනකු සමගින් තරගයට පිවිසි දකුණු අපි‍්‍රකානු නායකයාට සිය පළමු තරගය අවසන් කිරීමට සිදුවූයේ ඉනිමක සහ ලකුණු 15 ක පරාජයක් අත්කරගනිමිනි.
එම තරගයේදීම ගාල්ල කී‍්‍රඩාංගණයත්, තමන් සහ ලකුණු 167 ත් අතර පවතින අපූරු සම්බන්ධතාව නැවත වරක් තහවුරු කළ මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 500 සීමාවෙන් ඔබ්බට ගෙන ගිය අතර කුමාර් සංගක්කාර ටෙස්ට් වරම් දිනාගත්තේද 2000 තරගයේදීමය.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ගාල්ලේදී දෙවැනි ටෙස්ට් තරගය පැවැතියේ 2004 දීය. දකුණු අපි‍්‍රකානුවන් ද`ග පන්දු යවන්නන් දෙදෙනකු කණ්ඩායමට කැඳවමින් පළමු තරගයේදී කළ අනුවණකම දෙවැනි වතාවේදී නොකළ නමුත් මහේල ජයවර්ධන එම තරගයේදීත් ලකුණු 237 ක් ලබාගනිමින් ලකුණු 486 ක් දක්වා යාමට ශී‍්‍ර ලංකා පිලට පාර කියා දුන්යේ. කෙසේ හෝ වේවා, ජැක් රුඩොල්ෆ්, ජැක් කලිස් සහ නායක ගේ‍්‍රඒම් ස්මිත්ගේ පිතිහරඹයන්ට පින්සිදු වන්නට දකුණු අපි‍්‍රකානුවෝ 2004 තරගය බේරා ගත්හ.
ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ මෙන්, තිබෙන තැනින් ගලවා ඉවත්කරගෙන යා හැකිනම් මහේල ජයවර්ධන වඩාත් කැමති වනුයේ ගාල්ලේ තණතීරුව යන යන තැන ගෙනයාමටය. ගාල්ලේදී ටෙස්ට් තරග 21 කට සහභාගි වී ඇති මහේල මෙම කී‍්‍රඩාංගණයේදී ශතක 7 ක් සහ අර්ධ ශතක 11 ක් ද සමගින් ලකුණු 2284 ක් ලබා තිබේ. ඉනිමක සාමාන්‍යය ලකුණු 76.13 කි. ටෙස්ට් තරග 20 කට වැඩි සංඛ්‍යාවකදී එවන් ඉහළ සාමාන්‍යයක් රඳවා ගැනීම පහසු නොවන අතරම මේ වන විටත් ටෙස්ට් පිටියෙන් සමුගැනීම ප‍්‍රකාශයට පත්කර සිටින මහේලට ගාල්ලේදී සහභාගි විය හැක්කේ තවත් ටෙස්ට් තරග 2 කට පමණි.
කුමාර් සංගක්කාරටද ගාල්ල කී‍්‍රඩාංගණය සාර්ථක ප‍්‍රතිඵල ගෙනෙන තැනකි. වසර 2000 දී ගාල්ල කී‍්‍රඩාංගණයේදීම, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ සංගක්කාර ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග 19 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 1466 ක් ලබා සිටී. ගාල්ලේදී සංගක්කාරගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය ලකුණු 50.55 කි.
ටෙස්ට් ද්විත්ව ශතක 9 කට හිමිකම් කියමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතරේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට (12) පමණක් දෙවැනි වී සිටින නමුත් සංගක්කාරට ටෙස්ට් ද්විත්ව ශතකයක් නොදුන් කී‍්‍රඩාංගණ අතුරෙන් ගාල්ලද එකකි.
දෙවසරකට ඉහතදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී සංගක්කාර නොදැවී ලකුණු 199 ක් ලබාගත් අතර අවසන් පිතිකරුවා වූ නුවන් ප‍්‍රදීප් ඊළග ඕවරයේදී දැවී නොගියා නම් සංගක්කාරගේ නමට ඉදිරියෙන් තවත් ටෙස්ට් ද්විත්ව ශතකයක් එක්වන්නට තිබිණ.
කෙසේ වෙතත් මේ වන විට පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී අර්ධ ශතක 7 ක් ලබාගනිමින් ලෝක වාර්තාවක් සමකර සිටින මෙම ප‍්‍රවීණතම වමත් පිතිකරුවා ගාල්ල තරගයට පිවිසෙන්නේ එම ලෝක වාර්තාව තනි අයිතියට නතුකර ගැනීමේ අභිලාෂයෙනි. ඒ අභිලාෂයම ගාල්ල කී‍්‍රඩාංගණයේදී තමන් නොලද දේ සොයා යාමේ අධිෂ්ඨානයක් වන්නේ නම් එය ශී‍්‍ර ලංකා කණ්ඩායමේද යහපත පිණිසම වනු නිසැකය.
එවර්ටන් වීක්ස් සහ ෂිව්නරීන් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) දෙදෙනාත් සිම්බාබ්වේ පිලේ හිටපු නායක ඇන්ඩි ෆ්ලවර් පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී අර්ධ ශතක ලබා ඇති පිතිකරුවෝ වෙති.
පොලොක් මෙන්ම පළමු වරට දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිලට නායකත්වය දෙන හසිම් අම්ලාත් දග පන්දු යවන්නන් දෙදෙනකු සමග තරගයට ඒවිද යන්න කාසියේ වාසිය උරගා බලන තුරු තිබෙන කුකුසකිි. මෙම තරගය සඳහා ඉම්රාන් තහීර්ට වැඩි අවස්ථාවක් තිබෙන අතරම දෙවැනි දග පන්දු යවන්නා වශයෙන් ජේ. පී. ඩුමිනි කී‍්‍රඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
තන්වැනි එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ඒ. බී. ඩිවිලියර්ස් තරගය සඳහා සහහාගි වන්නේ පිතිකරුවකු ලෙසින් පමණක් වන හෙයින් දකුණු අපි‍්‍රකානු පිලේ කඩුල්ල පිටුපස රාජකාරිය සඳහා ක්වින්ටින් ඩි කොක් කැඳවීමට සිදුව ඇතැයිද වාර්තා වේ.
ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, චානක වෙළගෙදර සහ කිත්රුවන් විතානගේ
දකුණු අපි‍්‍රකානු සංචිතය
හසිම් අම්ලා (නායක), ඇල්වයිරෝ පීටර්සන්, ඞීන් එල්ගා, ෆෆ් ඩු ප්ලෙසි, ඒ. බී. ඩිවිලියර්ස්, ජේ. පී. ඩුමිනි, ස්ටෙයින් වැන්සිල්, වර්නන් ෆිලැන්ඩර්, මෝර්නේ මෝකල්, ඬේල් ස්ටෙයින්, ඉම්රාන් තහීර්, කයිල් ඇබට්, ක්වින්ටින් ඩි කොක් සහ ඬේන් පිට්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.