Last Update  :  2024-05-15 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් ජනිත් ආබාධයකට ලක්වෙයි

කුසල් ජනිත් ආබාධයකට ලක්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අනිද්දා (17) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටියි.

කුසල් පෙරේරා පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු හෙට තරගයට ක්‍රීඩා කිරීම අද (15) රාත්‍රී වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා පිලේ කළමනාකරු චරිත් සේනානායක මහතාගෙන් අද රාත්‍රී කළ විමසුමේදී පැවසුවේ කුසල් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව අද පෙරවරුවේ තීරණය කරන බවයි.

“කුසල් පාදයේ ආබාධයකට ලක්ව සිටිනවා. අපි ඔහුගේ ආබාධය පිළිබඳව කටයුතු කරමින් මේ අවස්ථාවේ ඉන්නේ. 17 වැනිදා පෙරවරුවේ ඔහුගේ තත්ත්වය පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කළ හැකියි” යැයි සේනානායක මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

කුසල් ජනිත් ආබාධයකට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.