Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 81 ක ජයක් ලැබූහ.
වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේදී ඕවර 32 කින් ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 27.5 දී ලකුණු 144 කට සීමාවිය.
මෙම ඉලක්කය කරා යාමේදී මහේල ජයවර්ධන (35) සහ තිලකරත්න ඩිල්ෂාන් (33) තෙවැනි කඩුල්ලට ලකුණු 44 ක සම්බන්ධතාවක් පැවැත්වුවද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
ඕවර 39 කදී ලකුණු 259 ක ඉලක්කය හඹායමින් සිටි ශ්‍රී ලංකා ඉනිමේ 14 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළීම නිසා පස්වරු 7.30 ට පමණ තරගය වර්ෂාව නිසා දෙවැනි වරටත් අත්හිටුවීය. විනාඩි 35 ක් පමණ තරගය අත්හිටුවීම නිසා ශ්‍රී ලංකා පිලට ඕවර 32 කදී ලකුණු 226 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
ඒ වන විට ශ්‍රී ලංකා පිල ඕවර 13.3 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 32) සහ මහේල ජයවර්ධන (නොදැවී 16) පන්දුවට පහර දෙමින් සිටියහ.
ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න (0) පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී දැවී ගියේය. කුමාර් සංගක්කාර (08) මුළු ලකුණු සංඛ්‍යාව 19 යේදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමෙන් ශී‍්‍ර ලංකා පිල මුල සිටම අමාරුවේ වැටුණේය.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ඕවර 39 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 247 ක් රැස්කළේය.
කි‍්‍රස් ජෝර්ඞ්න් පන්දු 13 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැුස් කරමින් එංගලන්තය ප‍්‍රබල තත්ත්වයකට පත් කළේය. මාලිංග යැවූ අවසන් ඕවරයේදී ද එංගලන්තයට ලකුණු 19 ක් එකතු වූ අතර මාලිංග යැවූ ඕවර 8 ට ලකුණු 71 ක් රැස්කිරීමට එංගලන්ත පිතිිකරුවෝ සමත් වූහ.
නුවන් කුලසේකර යැවූ ඉනිමේ 38 වැනි ඕවරයට ලකුණු 19 ක් රැස්කිරීම නිසා එංගලන්ත පිලට ලකුණු 247 ක් දක්වා ඒමට මග විවර විය. කි‍්‍රස් ජෝර්ඞ්න් එම ඕවරයේ අවසන් පන්දු 5 ට (4,6,2,2,4) ලකුණු 18 ක් රැස්කිරීමට සමත් විය. ජෝ රූට් පන්දු 41 කදී ලකුණු 45 ක් ලබා සිටියදී නුවන් කුලසේකරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වදරට හසුවිය.
සිම්බාබ්වේහි වයස 19 න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කරමින් එංගලන්තයට පැමිණි 24 හැවිරිදි ගැරී බැලන්ස්, දක්‍ෂ පිතිහරඹයක නිතර වෙමින් පන්දු 71 කදී හතරේ 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64 ක් ලබා පිටියෙන් ඉවත් විය.
එංගලන්ත ඉනිමේ 21 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේදී ඉයන් බෙල් දැවී යෑමත් සමග පස්වරු 2.30 ට පමණ වර්ෂාව ඇද හැළීම නිසා තරගය පැය දෙකයි, විනාඩි 30 ක් අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට එංගලන්තය කඩුලූ 2 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටි අතර ගැරී බැලන්ස් නොදැවී ලකුණු 37 ක් රැස්කර සිටියේය.
ඉයන් බෙල් පන්දු 56 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස් කිරීමට සමත් විය. ඉයන් බෙල් සහ ගැරී බැලන්ස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ඇලිස්ටෙයාර් කුක් ලකුණු 11 ක් ලබා සිටියදී නුවන් කුලසේකරගේ පන්දුවකට කුමාර් සංගක්කාර උඩ පන්දුවක් රැක ගැනීමෙන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. සචිත‍්‍ර සේනානායක ශ්‍රී ලංකා පිලේ සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. විස්සයි20 අන්තර්ජාතික තරග වලින් සමුගෙන සිටින මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලට එක්වූහ.
ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙම තරගයට ක‍්‍රීඩා නොකරන අතර ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළේය.
දෙරට අතර දෙවැනි එක්දින තරගය මේ මස 25 වැනිදා දිවා තරගයක් ලෙස පැවැත්වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.