Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරගැනීමට තමන් සූදානම් බව කදිමට කියා දුන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිල නොවන එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් ජයග්‍රහණය කළහ. අද (21 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ලයන්ස් පිතිකරුවන් ලකුණු 166 කට සීමා කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 32.1 කදී කිසිදු අපහසුවකින් තොරවම ඉලක්කය පසුකර ගියහ.
පහසු ඉලක්කයක් කරා යද්දී, කඩුලු 4 ක් බිඳ වැටුණ නමුත් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ කේන්ද්‍රස්ථම්භය වන් පිතිහරඹයක යෙදුණු නිපුන් ධනංජය නොදැවී ලකුණු 65 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක සධීර සමරවික්‍රම ලකුණු 22 කට දැවී ගියේය. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිපුන් ධනංජය සහ සහන් ආරච්චිගේ දෙදෙනා තවත් කඩුලු නොදීම කාර්යය අහවර කළහ.
ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන්ගේ පා දඟ පන්දුවලට මුහුණ දෙනවාට වඩා ඝණ අන්ධකාරයේ මඟ හසර සොයාගෙන වනාන්තරයක් මැදින් යාම එංගලන්ත පිතිකරුවන්ට පහසු වන්නට පිළිවන.
දඟ පන්දු යවන්නන් හමුවේ ලයන්ස් පිතිකරුවන් කෙතරම් අසරණ වූවාද යත් ඉනිමේ 12 වැනි ඕවරයත් 38 වැනි ඕවරයත් අතර යැවුණු ඕවර 26 න් ලයන්ස් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 78 ක් පමණි. එම කාලයේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකට ලකුණු 3.00 ක් වූ අතර මෙම ඕවර 26 ඇතුළත ලයන්ස් ඉනිමට ඇතුළත් වූයේ දුනිත් වෙල්ලාලගේ හමුවේ ගැසූ හයේ පහරක් සහ හතරේ පහරක් පමණි.
දුෂාන් හේමන්ත, සුමින්ද ලක්ෂාන්, සහන් ආරච්චිගේ සහ දුනිත් වෙල්ලාලගේ එක්ව ලයන්ස් පිතිකරුවන් අන්ත අසරණ කරද්දී, අනෙක් අන්තයෙන් පැමිණි කෝඩුකාර වේග පන්දු යවන්නා වන ඉසිත විජේසුන්දර 38 වැනි ඕවරයේ පන්දු දෙකක් ඇතුළත පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. සිය පළමු පන්දු යැවීමේ වාරයේදී එක දිගටම යැවූ ඕවර 5 ක් ලකුණු 08 කට සීමාකරගත් 25 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නා, අද තරගයේ ඕවර 7 කින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත්තේ ජාතික කණ්ඩායමේ සිටන වේග පන්දු යවන්නන්ට ද අනතුරු අඟවමිනි.
දුෂාන් හේමන්ත තරග 3 කදී ලකුණු 126 කට කඩුලු 11 ක් දවගනිමින් සටනකින් තොරවම තරගාවලියේ වීරයා විය. තරග තුනේදී ඔහුගේ පන්දු යැවීම පිළිවෙලින් සටහන් වූයේ 56/3 ක්, 43/5 ක් සහ 27/3 ක් ලෙසිනි.
ලයන්ස් ඉනිම අවසන් කිරීම සඳහා නිපුන් ධනංජය රැකගත් ටොම් හාට්ලිගේ උඩපන්දුව දශක දෙකකට පමණ පසුව දැකගත හැකිවූ අතිශය දුර්ලභ ආකාරයේ උඩපන්දු රැකීමක් විය.
ඩීප් මිඩ් විකට් කලාපයේ සිටි නිපුන් ධනංජය, හතරේ සීමාව දිගේ අඩි 20 ක් පමණ දිවගියද තමන්ට වඩා තවත් අඩි හතරක් පමණ ඉදිරියෙන් ඇදී යන පන්දුව වෙත පියාඹා යමින් එය රැකගත්තේ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයන්ගේ අද දිනයේ පන්දු රැකීම විශිෂ්ටත්වයට පත්කරමිනි. ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයන් සියලුම දෙනාගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන් එංගලන්ත ලයන්ස් පිලට ලකුණු 40 ක් පමණ අහිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.