Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීමට නිපුන් - කමිඳු
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීමට නිපුන් - කමිඳු

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩයමට මුහුණ දෙන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නිපුන් ධනංජය සහ කමිඳු මෙන්ඩිස් තෝරාගනු ලැබ සිටිති.
 
ගාල්ලේදී පැවැත්වෙන නිල නොවන සිව්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම නිපුන් ධනංජයට පවරා තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස්ට පවරා ඇත.

පළමු පෙළ තරග දෙකකින් සමන්විත සිව්දින තරගාාවලිය සහ තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුතු සංචිතයක් තෝරාගනු ලැබ ඇත. මෙම ක්‍රීඩකයන් 22 දෙනාගෙන් සමන්විත සංචිතයට අමතරව, නවසීලන්ත සංචාරය ඉලක්ක කරගනිමින්, තවත් ක්‍රීඩකයන් 14 දෙනකුගේ සංචිතයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරනු ලැබ ඇත. ශාරීරික ආබාධ හේතුවෙන් 2022 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ ආරම්භක කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙදෙනාත් මෙම 14 දෙනාගේ සංචිතයට නම්කරනු ලැබ සිටිති.

ලයන්ස් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පළමු සිව්දින නිල නොවන ටෙස්ට් තරගය මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලිය පෙබරවාරි මස 15, 18 සහ 21 දිනවල පැවැත්වෙයි.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (ක්‍රීඩකයන් 22 යි)
නිපුන් ධනංජය (සිව්දින ටෙස්ට් තරගාවලියේ නායකයා), කමිදු මෙන්ඩිස් (එක්දින තරගාවලියේ නායකයා), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.


නවසීලන්ත සංචාරය සඳහා (ක්‍රීඩකයන් 14 යි)
කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල සහ අවිශ්ක ප්‍රනාන්දු,

 


අදහස් (0)

‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීමට නිපුන් - කමිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.