Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘ඒ’කොටසේ ලීග් ශූරතාවය මාස් යුනිචෙලාට

‘ඒ’කොටසේ ලීග් ශූරතාවය මාස් යුනිචෙලාට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 25 වන සිංගර් කුසලාන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාවය දිනා ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය. ලීග් තරගාවලිය අවසන්විමට තවත් තරග තුනක් තිබියදීම ශූරතාව හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.

තරග නවයකට සහභාගීවූ මාස් යුනිචෙලා කණ්ඩායම ඉන් තරග අටක් ජයගත් අතර අතිරේක ප්‍රසාද ලකුණු හයක්ද සමගින් ප්‍රසාද ලකුණු 38 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. පිට පිට තරග අටක් ජයගෙන සිටි මාස් යුනිචෙලා කණ්ඩායම නවවැනි තරගය එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් අපරාජිතව ශූරතාවයට හිමිකම් කීමට තිබූ අවස්ථාව ඔවුන්ගෙන් ගිළිහී ගියේය.

තරගාවලිය ආරම්භයේ සිට මාස් යුනිචෙලා කණ්ඩායමට තර්ජනයක් වෙමින් පිට පිට තරග පහක් ජයගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම සමත්විය. මාස් යුනිචෙලා සහ ඩිමෝ යන කණ්ඩායම් හමුවේ ලද පරාජයත් වර්ෂාව හමුවේ ටීජේ ලංකා කණ්ඩායම අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්විමත් හේතුවෙන් ප්‍රසාද ලකුණු 30 ක් ලබාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායමට ලීග් තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය.

ලීග් තරගාවල්යේදී ශූරතාව දිනාගත් මාස් යුනිචෙලා සහ අනුශූරතාව දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ යන කණ්ඩායම් සදහා පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට කෙළින්ම සුදුසුකම් ලබාගැනීමටද අවස්ථාව උදාවිය. තරග නවයකට ක්‍රීඩා කර තරග නවයම පරාජයට පත්වූ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිවිය.

ටීජේ ලංකා සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර තරගය ඔක්තෝබර් 7 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් ජෝන් කීල්ස් සහ ටීජේ ලංකා කණ්ඩායම් අතර තරගය ඔක්තෝබර් 8 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීත් එල්.බී.ෆීනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර තරගය ඔක්තෝබර් 9 වැනිදා වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමෙන් අනතුරුව ලීග් තරගාවලිය අවසන්වනු ඇත.


අදහස් (0)

‘ඒ’කොටසේ ලීග් ශූරතාවය මාස් යුනිචෙලාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.