Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි දිනටත් අද (2 වැනිදා) පැවැති එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර තරගයේදී තරගයේදී ද්විත්ව ශතකයක් (නොදැවී 290) ලබාගැනීමට එන්.සී.සී පිලේ ළහිරු උදාර සමත්විය. පිට පිට ඕවර 3 කදී අවසන් පිතිකරුවන් තිදෙනා දැවීයාම හේතුවෙන් ත්‍රිත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක්වීමට තිබූ අවස්ථාව ළහිරු උදාරගෙන් ගිලිහී ගියේය.
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ මෙම සති අන්තයේ පැවැති මූවර්ස් සහ මීගමුව ක්‍රීඩා සමාජ අතර තරගයේදී ත්‍රිත්ව ශතකයක් (නොදැවී 300) ලබාගත් මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් දේශීය පළමු පෙළ තරගාවලියකදී ත්‍රිත්ව ශතක ලබාගත් සුළු පිරිස අතරට එක්වීය. දේශීය පළමු පෙළ 2014/15 තරගාවලියේදී ගුවන් හමුදා පිලට එරෙහිව ත්‍රිත්ව ශතකයක් (351) ලබාගත් ද්‍රවිඩ සංගම් පිලේ කිත්රුවන් විතානගේ දේශීය තරගාවලියක ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිත්කරුවාගේ වාර්තාවට හිමිකම් කියයි.
බදුරලිය පිලට එරෙහිව එස්.එස්.සී පිලේ මිනෝද් භානුක (342), ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව එස්.එස්.සී පිලේ තිළිණ කණ්ඩම්බි (නොදැවී 340), සැරසන්ස් පිලට එරෙහිව කෝල්ට්ස් පිලේ කුසල් ජනිත් (336), එස්.එස්.සී පිලට එරෙහිව රාගම පිලේ උදාර ජයසුන්දර (318) දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී මින් පෙර ත්‍රිත්ව ශතක ලබාගත් සෙසු පිතිකරුවෝ වූහ.
දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙම සති අන්තයේදී ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරග වලදී ලසිත් අබේරත්න (සී.සී.සී), සචිත්‍ර සේරසිංහ (මූවර්ස්), රොෂේන් සිල්වා (රාගම), ගමිඳු අමරසිංහ (සැරසන්ස්), මිනෝද් භානුක (සී.සී.සී), උදාර ජයසුන්දර (රාගම), අෂේන් සිල්වා (මීගමුව) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැති තරග වලදී හර්ෂ විතාන (බ්ලූම්ෆීල්ඞ්), සයිඞ් නසීර් (වරාය අධිකාරිය), සයින් අබ්බාස් (කුරුණෑගල යොවුන්), උමේෂ් කරුණාරත්න (පානදුර), උදයවංශ පරාක්‍රම (ගුවන් හමුදාව), චානක විජේසිංහ (මහනුවර කස්ටම්ස්) මෙම සති අන්තයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පිතිකරුවෝ වූහ.
‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරග වලදී යුදහමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති කඩුලු 9 ක් දවාගනිමින් මේ වනවිට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වන විට සී.සී.සී පිලේ වනිඳු හසරංග කඩුලු 7 ක් දවාගනිමින් එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත. නාවික හමුදා පිලේ ඩිලංක අවඞ් කඩුලු 12 ක් දවාගනිමින් ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැති තරග වලදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වන විට කඩුලු 8 ක් දවාගත් සෙබස්තියනයිට් පිලේ සමන් කුමාර එහි දෙවැනි ස්ථානයට පත්විය.
‘ඒ’ ශ්‍රේණියේ තරග ප්‍රතිඵල
බී.ආර්.සී පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 175 ක ජයක් යුද හමුදා පිලට හිමිවිය.
එස්.එස්.සී පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.
මීගමුව පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මූවර්ස් පිල සමත්විය.
ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් පිල සමත්විය.
‘බී’ ශ්‍රේණියේ තරග ප්‍රතිඵල
කළුතර නාගරික පිලට එරෙහිව ලකුණු 119 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ පිල සමත්විය.
බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට වරාය අධිකාරිය පිල සමත්විය.
සෙබස්තියනයිට් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගාල්ල පිල සමත්විය.
පානදුර පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර කස්ටම්ස් පිල සමත්විය.
නාවික හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට නාවික හමුදා පිල සමත්විය.
ගුවන් හමුදා පිලට පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල යොවුන් පිල සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.