Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝල්ඩර් කොදෙව් පිල වළෙන් ගොඩගනී

හෝල්ඩර් කොදෙව් පිල වළෙන් ගොඩගනී

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බංග්ලාදේශයේ ජය පෙනි පෙනී තිබියදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ජේසන් හෝල්ඩර් උඩපැන රැකගත් උඩපන්දුව නිසා ලිටන් දාස් දැවී ගියේය.

මෙම දැවීයාමෙන් බංග්ලාදේශයට එක්විය හැකිව තිබූ ලකුණු 6 ක් කඩුල්ලක් බවට පරිවර්තනය විය. අවසන්  ඕවරයේදී බංග්ලාදේශ ජයග‍්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 13 න් මහමදුල්ලාට සහ අෆිෆ් හොසේන්ට ලබාගත හැකිවූයේ ලකුණු 9 ක් බැවින් සාජා කි‍්‍රකට් පිටියේ අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කොදෙව් පිලට ලකුණු 3 ක සියුම් ජයක් හිමිවිය.

මේ වන විටත් තරගාවලියේ තරග දෙකක් පරාජය වී සිටින කොදෙව් පිල යන්තමින් සිය තුන්වැනි තරගය ජයගනිමින් තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගත්තේය.

සංචිතයේවත් නොසිටි ජේසන් හෝල්ඩර් අතිරේක කී‍්‍රඩකයකු ලෙසින් පැමිණ, කොදෙව් ඉනිමේ අවසන්  ඕවරයේදී හයේ පහර දෙකක් සමගින් පන්දු 5 කින් ලකුණු 15 ක් ලබාගත්තේය. පන්දු යැවීම ආරම්භ කරමින් සිය මුල්ම  ඕවරයේදී කඩුල්ලක් දවාගත්තා පමණක් නොව, 19 වැනි  ඕවරයේදී නිසැක හයේ පහරක් උඩපන්වක් බවට පෙරළා ගනිමින්  බංග්ලාදේශයේ ජයග‍්‍රහණය උදුරා ගත්තේය.

එහෙත් හයේ පහර 4 ක් ද සමගින් පන්දු 22 කින් ලකුණු 40 ක් ලබා සිය කණ්ඩායම ලකුණු 130 සීමාවට තල්ලූ කළ නිකලස් පූරන් තරගයේ වීරයා ලෙසින් සම්මානය දිනාගත්තේය.  

ජේසන් හෝල්ඩර් සහ ඔන්ඩි‍්‍ර රසල් කඩුලූ දෙකක් දවාගැනීම නිසා ආරම්භයේදීම පසුපාදයට වැටුණු බංග්ලාදේශ පිතිකරුවෝ මන්දගාමී ලකුණු ලබාගැනීමක නිරත වූහ. රවී රාම්පෝල් හමුවේ බංග්ලාදේශයේ ලකුණු යන්ත‍්‍රය වන මුෂ්ෆිකුර් රහීම් ලකුණු 8 කට දැවීයාම දකුණු ආසියානු කී‍්‍රඩකයන්ගේ බලාපොරොත්තු සුන්කරන්නක් වුවද කඩුලූ රකින්නා වන ලිටන් දාස් සහ නායක මහමදුල්ලා සටන ගෙන ගියහ. ජේසන් හෝල්ඩර් රැුකගත් ලිටන් දාස්ගේ උඩපන්දුවෙන් තරගය ඇඳී තිබූ ප‍්‍රස්ථාරය වෙනස් මගක් ගත්තේය.

හෝල්ඩර් අවසන්  ඕවරයේදි ගැසූ හයේ පහර දෙකත්, අවසන්  ඕවරයේදී ආපසු ආ කරන් පොලාර්ඞ් ගැසූ හයේ පහරත් නිසා යන්තම් හිස් ඔසවාගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ බංග්ලාදේශ පිලට ලකුණු 143 ක ඉලක්කයක් දුන්හ. ඔබේ මැකෝයි වෙනුවට කොදෙව් පිලට එක්වූ ජේසන් හෝල්ඩර් මුහුණ දුන් පන්දු 5 න් දෙකක්ම නරඹන්නන් අතරට යැවීය. පිටියෙන් ඉවත් වන විට පන්දු 16 කින් ලකුණු 8 ක් ලබා සිටි පොලාර්ඞ් ආපසු පැමිණීමෙන් පසු මුහුණ දුන් පන්දු දෙකින් එකක් හයේ පහරක් විය.

 ඕවර 12.3 කදී, ටස්කින් අහමඞ්ගේ පන්දුවකින් ලකුණක් ලබාගත් කොදෙව් නායක කරන් පොලාර්ඞ් සිය ගමන නතර කළේ කී‍්‍රඩාගාරයෙනි. ඒ වන විට පන්දු 16 කට මුහුණ දී සිටි කොදෙව් නායකයා ලබා සිටියේ ලකුණු 8 ක් පමණි. එකම හතරේ පහරක් හෝ හයේ පහරක් ඔහුගේ පන්දු 16 ට ඇතුළත් නොවූ අතර පොලාර්ඞ්ගේ පිටියෙන් ඉවත්වීම මුලින් සටහන් වූයේ දැවීයාමක් ලෙසිනි. එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකළ ආකාරයෙන් අවසන්  ඕවරයේදී පොලාර්ඞ් නැවතත් පිටිය මැද ප‍්‍රාදුර්භූත විය. ඒ පන්දු 2 කදී ලකුණු 6 ක් එකතු කිරීමටය.

ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීමත් බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ළිහිළක් නොලැබුණු පීඩනයත් නිසා හෙමින් ගමනක යෙදීමට කොදෙව් පිතිකරුවන්ට සිදුවී තිබිණ. ප‍්‍රහාරාත්මක  ඕවර 6 නිමාවේදී ලකුණු 28 කට සීමාවූ කොදෙව් පිල  ඕවර 10 ක් අවසානයේදී ලබා සිටියේ ලකුණු 48 ක් පමණි. ලකුණු වේගය  ඕවරයකදී 4.8 ක් විය.  ඕවර 15 ක් අවසානයේදී එය කඩුලූ 5 ක් දැවී ලකුණු 84 ක් විය.

ලෝකෙට ලොක්කා යයි තමන් විසින්ම හඳුන්වනු ලබන නමුත් කි‍්‍රස් ගේල් තුන්වැනි වරටත් අසාර්ථක විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉනිම 3 කදී කි‍්‍රස් ගේල්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 12, 13 සහ 04 ක් ලෙසිනි.  බටහිර ඉන්දීය කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා කී‍්‍රඩා කළ තරග දෙකම පරාජය විය. එම තරග දෙකේදීම කි‍්‍රස් ගේල් කී‍්‍රඩා කළේ මැද පෙළ පිතිකරුවකු ලෙසිනි.


බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 142 යි
(රොස්ටන් චේස් 39, කරන් පොලාර්ඞ් නොදැවී 14, නිකලස් පූරන් 40, ජේසන් හෝල්ඩර් නොදැවී 15, මෙහෙදි හසන් 27/2, මුස්ටෆිසුර් රහමන් 43/2, ෂොරිෆුල් ඉස්ලාම් 20/2)

බංග්ලාදේශය -  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 139
(මොහොමඞ් නයීම් 17, ලිටන් දාස් 44, සෞම්‍යා සාර්කර් 17, මහමදුල්ලා නොදැවී 31)

 

 

- 213


අදහස් (0)

හෝල්ඩර් කොදෙව් පිල වළෙන් ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.