Last Update  :  2025-05-07 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හොරණ තක්ෂිලාවට මුල් ඉනිමේ ජයක්

හොරණ තක්ෂිලාවට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 හොරණ තක්ෂිලා මැදි විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර තක්ෂිලා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ II වැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තක්ෂිලා මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ තක්ෂිලා මැදි විදුහලේ සෙනෙත් වීරක්කොඩි ලකුණු 83 ක් රැස්කළ අතර එම විදුහලේම අදීප ජයලත් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 66.3 කදී සියලු දෙනා දැවී 253
(සෙනෙත් වීරක්කොඩි 83, උමේෂ් ගුණරත්න 47, අදීප ජයලත් 34, විදුෂාන් දිසානායක 27, ගිහාන් මධුභාෂ් 26, දිනෙත් සේනතිලක 18/3, මිලින්ද ප්‍රනාන්දු 73/3, රුෂ්මිත ලක්ෂාන් 34/2)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 72
(හිමේෂ් ප්‍රනාන්දු 21, අදීප ජයලත් 13/5, උමේෂ් ගුණරත්න 10/3)
තක්ෂිලා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.5 කදී කඩුලු 3 ක් දැවී 88
(අදීප ජයලත් 41, ගිහාන් මධුභාෂ් නොදැවී 28)

-036

 


අදහස් (1)

හොරණ තක්ෂිලාවට මුල් ඉනිමේ ජයක්
  • S. Kumara Wednesday, 02 October 2019 01:54 AM

    ජයවේවා විදුහල් මෑණියනි !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.