Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නකු වන රංගන හේරත්ට එංගලන්තයේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයයේ ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනමා තිබේ.
එම්.සී.සී. කී‍්‍රඩා සමාජය විසින් මේ වසරේදී ගෞරවනීය යාවජීව සාමාජිකයන් ලෙසින් නම්කරන ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතරට රංගන හේරත් ඇතුළත්ව සිටින අතර සාමාජිකයන් 18 දෙනකුගෙන් සමන්විත ලයිස්තුවට කී‍්‍රඩිකාවෝ තිදෙනෙක්ද ඇතුළත්ව සිටිති.
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියුතු රටවල් 12 කින් 8 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙවර ගෞරවනීය සාමාජිකයන්ගේ ලයිස්තුවට ඇතුළත්ව සිටිති. එම්.සී.සී. කී‍්‍රඩා සමාජය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කරනු ලබන කි‍්‍රකට් කී‍්‍රඩකයන්ටත් පොදුවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරනු ලබන කී‍්‍රඩකයන්ටත් එම්.සී.සී. කී‍්‍රඩා සමාජයේ ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමීම සම්ප‍්‍රදායකි.
”අතිවිශාල අභිමානයක් ගෙනෙන, එම්.සී.සී. කී‍්‍රඩා සමාජයේ ගෞරවනීය යාවජීව සාමාජිකත්වය මට පිරිනැමීම සම්බන්ධයෙන් මාගේ හෘදයංගම ස්තුතිය මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයට පිරිනමමි. එමෙන්ම මෙම සුවිශේෂී සමාජයේ සාමාජිකයන් හා එක්වීමට ලැබීමත් සුවිශේෂී වරප‍්‍රසාදයක් ලෙසින් සලකමි” යයි රංගන හේරත් ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබිණ.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ශී‍්‍රමත් ඇලිස්ටෙයාර් කුක්, මාකස් ටේරස්කොතික් සහ ඉයන් බෙල්, දකුණු අපි‍්‍රකාවේ හසිම් අම්ලා, හර්ෂල් ගිබ්ස්, ජැක් කලිස් සහ මෝර්නේ මෝකල්, ඕස්ටේ‍්‍රලියාවෙන් ඬේමියන් මාටින්, ඉන්දියාවෙන් හර්බජාන් සිං සහ ජවගල් ශී‍්‍රනාත්, කොදෙව් පිලෙන් ඉයන් බිෂොප්, ෂිව්නරීන් චන්ද්‍රපෝල් සහ රැුම්නරේස් සර්වාන්, සිම්බාබ්වේ පිලෙන් ග‍්‍රාන්ට් ෆ්ලවර් ගෞරවනීය යාවජීව සාමාජිකත්වය ලද කී‍්‍රඩකයෝ වෙති.
එංගලන්ත කී‍්‍රඩිකා සාරා ටේලර්, ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකා ඇලෙක්සැන්ඩ‍්‍රා බ්ලැක්වෙල් සහ නවසීලන්තයෙන් සාරා මැගල්ෂාන් යාවජීව සාමාජිකත්වය හිමිවූ කී‍්‍රඩිකාවෝ වෙති.
”අපගේ නවතම ගෞරවනීය සාමාජිකයන් පිළිගැනීමට අපි මහත් උනන්දුවෙන් සහ ආශාවෙන් බලා සිටිනවා. අපගේ අගනා සාමාජිකයන් ලෙසින් ඔවුන් හඳුන්වාදීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා” යයි එම්.සී.සී. කී‍්‍රඩා සමාජයේ ප‍්‍රධාන විධායක නිලධාරී මෙන්ම ලේකම්වරයාද වන ගයි ලැවෙන්ඩර් මහතා පවසා තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.