Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේරත්ගේ තත්ත්වය බරපතළ නෑ

හේරත්ගේ තත්ත්වය බරපතළ නෑ

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලිගේ පහරකින් ඇදී ගිය පන්දුව රැකගැනීමට යාමේදී අත තුවාල කරගත් රංගන හේරත්ගේ තත්ත්වය බරපතළ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා කියයි.

ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) ඩිල්රුවන් පෙරේරා පන්දු යවමින් සිටියදී විරාට් කෝලි ගැසූ පහරකින් ඇදී යන පන්දුව රැකගැනීමට රංගන හේරත් උත්සාහ කළේය.

එහිදී හේරත්ගේ වමතේ මැදඟිල්ලේ පන්දුව වැදීම නිසා ඇඟිල්ල තුවාල වීමෙන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන වමත් දඟ පන්දු යවන්නා ක්‍රීඩාගාරයට ගියේය.

“වසර 2014 දීත් රංගනගේ මේ ඇඟිල්ලේම සියුම් පිපිරීමක් වුණා. අපි දැනට ඒකට අයිස් තියලා තියෙන්නේ. දැනට අස්ථි පිපිරීමක් ගැන වාර්තා වෙන්නේ නෑ.”

“කොහොම වුණත් හෙට උදේ තත්ත්වය නැවත පරීක්‍ෂා කරලා බලනවා. වේදනාව තිබුණොත් එම්.ආර්.අයි. ස්කෑන් එකක් කරනවා” යයිද ගුරුසිංහ මහතා පැවසීය.

සිය 82 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන රංගන හේරත් මේ දක්වා ටෙස්ට් කඩුලු 385 ක් දවාගෙන සිටී.

 


අදහස් (0)

හේරත්ගේ තත්ත්වය බරපතළ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.