Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිරුත් අහසත් අමනාපයෙන්
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය

හිරුත් අහසත් අමනාපයෙන්

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ.

පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ. රාත්‍රී 7.30 ට තවත් වතාවක් ක්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමට නියමිතය.

අඩුතරමේ දෙපිලටම ඕවර 5 ක් පමණක් සීමාවූ තරගයක් ක්‍රීඩා කිරීමටත්, රාත්‍රී 9.46 ට පෙර තරගය ආරම්භ විය යුතුව තිබේ.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීම අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ අයර්ලන්ත - ඇෆ්ඝනිස්තානු තරගය සම්පුර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය බැවින්, දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය.

මෙල්බර්න් අහසත් හිරුත් අතර අමනාපයක් ඇතිවා සේය. දින දෙකකින් මෙල්බර්න් ක්‍රීඩාංගණය දිහා බලන්නට මෙල්බර්න් අහස හිරුට අවසර දී නැත. තත්ත්වය එසේ තිබියදීත්, තරගය නැරඹීම සඳහා එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීහු මෙල්බර්න් ක්‍රීඩාංගණයට පිවිසෙමින් සිටිති.

එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම සුප්‍රකට රූපවාහිනී විස්තර විචාරක නසාර් හුසේන් කියන්නේ “අපට ඇත්තේ බලාපොරොත්තුවක් විතරයි” කියාය.


අදහස් (0)

හිරුත් අහසත් අමනාපයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.