Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හැටන් නැෂනල් බැංකු පිලට ලකුණු 30 ක ජයක්

හැටන් නැෂනල් බැංකු පිලට ලකුණු 30 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ටීජේ ලංකා කණ්ඩායම පරදවා ලකුණු 30 ක ජයක් අත්කර ගැනීමට හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කෝසල කුලසේකර (68) හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙනුත් කිත්රුවන් විතානගේ (70) ටීජේ ලංකා කණ්ඩායම වෙනුවෙනුත් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.


හැටන් නැෂනල් බැංකුව - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(කෝසල කුලසේකර 68, සමීර සොයිසා 43, සචිත්‍ර සේනානායක 23/2, චලන ද සිල්වා 35/2)

ටීජේ ලංකා - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(කිත්රුවන් විතානගේ 70, චලන ද සිල්වා 49, විශාද් රංදික 21, විමුක්ති පෙරේරා 34/4, කෝසල කුලසේකර 12/2, නවීන් ගුණවර්ධන 43/2)

 


අදහස් (0)

හැටන් නැෂනල් බැංකු පිලට ලකුණු 30 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.