Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හතුරු ඉවත්කිරීමේ යෝජනාව 13 දා

හතුරු ඉවත්කිරීමේ යෝජනාව 13 දා

යොහාන් භාසුර - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සේවයෙන් ඉවත්කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවට ලබන බදාදා (13) ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. එම යෝජනාව කළමනාකරණ කමිටුවෙන් පසුව පැවැත්වෙන ආසන්නතම විධායක කමිටුවට ද ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා ඇති බවක් මේ දක්වා කිසිදු පාර්ශවයකින් දැනුම්දීමක් නොමැති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

“හතුරුසිංහව ඉවත් කරන තීරණයේ කිසිඳු වෙනසක් නෑ. ඔහු සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ වාර්තාව අපිට ඉදිරි දිනවලදී ලැබෙයි. එය 13 වැනිදා පස්වරුවේ පැවැත්වෙන කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරලා ඉන් පසුව විධායක කමිටුවට දානවා”

“හතුරුසිංහට අධිකරණයට යන්න පුළුවන්. අපි ආයතනයක් හැටියට එයට මුහුණදෙන්න සූදානම්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ක්‍රිකට් කළමනාකරණ කමිටුව ලබන බඳාදා පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.  

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍යහමුවකදී පැවසුවේ හතුරුසිංහට ඉදිරියේදී වැටුප් නොගෙවන බව තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාගේ සේවය පසුගිය අගෝස්තු මස තාවකාලිකව අත්හිටුවූ අතර එම කාලය තුළ මේ වන විට මාස තුනක් ලක්‍ෂ 80 බැගින් වැටුප් ගෙවා තිබේ.    

 


අදහස් (0)

හතුරු ඉවත්කිරීමේ යෝජනාව 13 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.