ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල සහ එංගලන්ත වයස 17 න් පහළ පිල අතර එංගලන්තයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ පළමු දිනය වූ ඊයේ (15) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසන් වන විට අවිෂ්ක ප‍්‍රනාන්දු (නොදැවී 31) සහ මාධව නිමේෂ් (නොදැවී 22) පන්දුවට පහර දෙමින් සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ලකුණු 191 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දු යවන රවීන් සේයර් ලකුණු 64 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත් විය. රවීන්, මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ක‍්‍රීඩකයෙකි.
එංගලන්ත වයස 17 න් පහළ පිල පළමු ඉනිම 191 (ඒ. ඩොල් 29, කේ. ස්මිත් 30, ආර්. ජෝනස් 21, ජේ. වෙතිර්ලි 58, රවීන් සේයර් 64/7)
ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල කඩුලූ 2 ට 115 (ලසිත් ලක්‍ෂාන් 28, සිතාර ගිම්හාන් 26, අවිෂ්ක ප‍්‍රනාන්දු නොදැවී 31, මාධව නිමේෂ් නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.