Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙලාන් බැංකුවට ලකුණු 15 ක ජයක්

සෙලාන් බැංකුවට ලකුණු 15 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කොමර්ෂල් ක්‍රෙඩිට් පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 15 කින් ජයගැනීමට සෙලාන් බැංකු පිල අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය  මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට සෙලාන් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර  ඕවර 49.3 ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 207 ක් රැස් කිරීමට ඔව්හු සමත් වූහ.

ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට  ඕවර 43 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 183 ක් ලබා තිබුණද ඩක්වර්ත් ලූවිස් න්‍යය අනුව තරගය ජය ගැනීමට ලකුණු 199 ක් සපුරා තිබිය යුතු විය.

 

සෙලාන් බැංකුව  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 207
(කෞශල්‍ය වීරරත්න 47, චානක විජේසිංහ 26, චරිත් ජයම්පති 23, කෞශල්‍ය ගජසිංහ 22, කාංචන ගුණවර්ධන 20, චමින්ද විදානපතිරණ 33/4, චතුරංග ද සිල්වා 33/3, විශ්ව ප‍්‍රනාන්දු 41/2)

කොමර්ෂල් ක්‍රෙඩිට්  ඕවර 43 කදී කඩුලූ 9 ක් දැවී 183
(උපුල් තරංග 58, චාමර කපුගෙදර 31, ඉන්දික ද සේරම් 28, සුරාජ් රන්දිව් 24, ගයාන් සිරිසෝම 25/3, කෞශල්‍ය ගජසිංහ 30/2, නුවන් කුලසේකර 42/2)

 


අදහස් (0)

සෙලාන් බැංකුවට ලකුණු 15 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.