Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙබස්තියානුවෝ වි-20 තරගයත් දිනති

සෙබස්තියානුවෝ වි-20 තරගයත් දිනති

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පාසල් පිතිකරුවන් වුවද, විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝගයන් මැනවින් වටහාගෙන සිටි ශාන්ත සෙබස්තියන් පිතිකරුවෝ වාර්ෂික විස්සයි-20 තරගයේදී වේල්ස් කුමර විදුහල හමුවේ කඩුලු 3 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැත්විණ. 

2024 වසරේදී පැවැති මහ ක්‍රිකට් තරගය (මොරටු රන් හටන) ජයගත් ශාන්ත සෙබස්තියන් කණ්ඩායම එක්දින තරගයේදීත් ලකුණු 20 ක ජයක් අත්කර ගත්තේය. අද තරගයේදී ඔවුන් ලබාගත් කඩුලු 3 ක ජයග්‍රහණය සති දෙකක් යාමටත් මත්තෙන් වේල්ස් කුමරුවන් හමුවේ පිට පිටම ලබාගත් තුන්වැනි ජයග්‍රහණයයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමරුවෝද සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 161 ක් ලබාගත්තේ ඕවරයකදී ලකුණු 8.00 ක් ඉක්මවූ වේගයක් රඳවා ගනිමිනි. වේල්ස් කුමරුවන් වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඔෂාන් ද සිල්වා, හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ද සමගින්, පන්දු 47 කින් ලකුණු 71 ක් ලබාගත්තේය. පන්දු 9 කින් ලකුණු 28 ක් ලබාගත් අචල පෙරේරාගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

ලකුණු 162 ක් යනු පාසල් කණ්ඩායමකට අභියෝගාත්මක ඉලක්කයකි. එහෙත් ආරම්භයේ සිටම කිසියම් සැලැස්මක් ඇතිව පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. එහිදී පන්දු 27 කින් ලකුණු 39 ක් ලබාගත් මනූජ චන්තුක, 6 වැනි කඩුල්ල වෙනුවෙන් මලින්ත සිල්වා සමගින් එක්ව පන්දු 16 කින් ලකුණු 23 ක් රැස්කළේය. පසුව නදීශ් ප්‍රනාන්දු සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කින් ලකුණු 39 ක් ද එකතු කළේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ රිද්මය මැනවින් හඳුනාගෙන සිටි බැවිනි. 


වේල්ස් කුමර විදුහල - ඕවර 20 කදී කඩුලු 9 ට 161 යි
(ඔෂාන් ද සිල්වා 71, රූසඳු සිල්වා 17, සචිර ඬේමියන් 20, අචල පෙරේරා 28, මලින්ත සිල්වා 31/2, අදේශ් අල්මේදා 21/3, මනූජ චන්තුක 35/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 19.2 කදී කඩුලු 7 ට 164
(රයාන් දිසානායක 35, විමත් දින්සර 32, මනූජ චන්තුක නොදැවී 39, මලින්ත සිල්වා 14, නදීශ් ප්‍රනාන්දු නොදැවී 17, අචල පෙරේරා 16/3)


අදහස් (0)

සෙබස්තියානුවෝ වි-20 තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.