Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙබස්තිනයිට්ස් අවසන් තරගයට
අන්තර් ක්‍රීඩා සමාජ නැඟී එන තරගාවලිය

සෙබස්තිනයිට්ස් අවසන් තරගයට

editorial - 2022 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සෙබස්තිනයිට්ස් ක්‍රීඩා සමාජය අද (10 වැනිදා) සමත්විය. කෝල්ට්ස් සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකරගත් සෙබස්තිනයිට්ස් පිලට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

දිනය පුරා පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද එකම පන්දුවක් හෝ නොයවමින් තරගය අවසන් කිරීමට විනිසුරුවරු කටයුතු කළහ. 

දෙවැනි දිනය අවසන් වනවිට තවත් කඩුලු 4 ක් පමණක් අතැතිව සෙබස්තිනයිට්ස් පිල ලකුණු 82 ක් ඉදිරියෙන් සිටියද තෙවැනි දිනය ක්‍රීඩා කිරීමට හැකිවූයේ නම් තරගයේ තීරණය වෙනස්වීමට අවස්ථාවක් තිබුණි. මෙම තත්ත්වය අනුව පළමු ඉනිම ජයග්‍රහණය කර සිටි සෙබස්තිනයිට්ස් පිල ඉදිරියට ගියේය.

ලකුණු 29 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි සෙබස්තිනයිට්ස් පිලේ කඩුලු 4 ක් ලකුණු 5 ක් තුල බිඳ වැටුණි. සෙබස්තිනයිට්ස් පිල ඉන් දැඩි අසීරූතාවයට පත්වුවද තරූෂ ප්‍රනාන්දු සහ ළහිරු ප්‍රනාන්දු එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

සෙබස්තිනයිට්ස් පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 44 ක් වන විට 5 වැනි කඩුල්ල ලෙස ළහිරු ප්‍රනාන්දු දැවී ගිය අතර තවත් ලකුණු 6 ක් ඉනිමට එක්වන විට 6 වැනි කඩුල් ලෙස නායක තරූෂ ප්‍රනාන්දු ද දැවී ගියේය. එම කඩුලු 2 බිඳවැටීමත් සමගින් සෙබස්තිනයිට්ස් පිල දැඩි අසීරූ අඩියකට වැටුණු නමුත් තෙවැනි දිනය වූ අද වර්ෂාව ඔවුන්ගේ පිහිටට පැමිණීයේය.

තරූෂ ප්‍රනාන්දු පන්දු 12 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 24 ක් සහ ළහිරු ප්‍රනාන්දු පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 19 ක් ලබාගැනීමට සමත්වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙහාන් ඩැනියල් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් පළමු ඉනිමේදී නැතිවූ ගෞරවය නැවත කෝල්ට්ස් පිලට ගෙන ඒමට සමත්වුවද වාසනාව ඔවුන්ට හරස්විය.

ද්‍රවිඩ සංගමය සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරග මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සෙබස්තිනයිට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 142
(සඳුන් ප්‍රනාන්දු 46, ළහිරු ප්‍රනාන්දු 28, රොහාන් සංජය 09/3, කවිෂ්ක අංජුල 20/3, ජෙහාන් ඩැනියල් 36/2, දිල්ෂාන් මදුශංක 51/2)

කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 113
(මුදිත ලක්ෂාන් 35, ජෙහාන් ඩැනියල් 31, තරිඳු රත්නායක 34/4, ටෙහාන් ශාෆ්ටර් 25/3, තරූෂ ප්‍රනාන්දු 44/3)

සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 53
(තරූෂ ප්‍රනාන්දු 24, ජෙහාන් ඩැනියල් 27/5)


අදහස් (0)

සෙබස්තිනයිට්ස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.