සීතාවක මැදි විදුහල සහ කොළඹ මහබෝධි විදුහල අතර පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් ලකුණු 291 ක ජයක් අත්කර ගැනීමට සීතාවක මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ බුද්ධි මධුෂාන් (156) සීතාවක මැදි විදුහල වෙනුවෙන් ශතයක් ලබාගත් අතර විමුක්ති ලක්ෂාන් ලකුණු 27 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
	
	සීතාවක මැදි විදුහල - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 380
	(බුද්ධි මධුෂාන් 156, දමිත් සචින්ත 73, කළණ මධුෂංක 47, විමුක්ති ලක්ෂාල් 23, දේෂාන් විමුක්ති 59/4, විහඟ ගිම්හාන 86/3)
	මහබෝධි විදුහල - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී 89  
	(අජිත් කුමාර 19, විමුක්ති ලක්ෂාන් 27/7, ගයාත් තිෂුක 9/2)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.