Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 15.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු දේවාන් විශ්වක පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායමට දුවිඳු රණතුංග ප්‍රමුඛ සී.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 33.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුවිඳු ලකුණු 20 කඩුලු 4 ක් දවාගත් අතර නිෂාන් පීරිස් සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
කෝල්ට්ස් පිල - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 103
(සංගීත් කුරේ 51, දුවිඳු රණතුංග 20/4, නිෂාන් පීරිස් 16/2, චතුරංග ද සිල්වා 22/2)
සී.සී.සී. පිල - ඕවර 15.1 කදී කඩුලු 3 ක් දැවී 104
(දේවාන් විශ්වක 51, පවන් සන්දේෂ් නොදැවී 39)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.