Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි සතියටත් පැවැති තරග අද (9 වැනිදා) අවසන්වූ අතර එහිදී ජයග්‍රහණ හිමිකර ගැනීමට සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් සමත්විය.
බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බී.ආර්.සී පිලට එරෙහිව ලකුණු 145 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්වූ අතර ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 9 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය.
‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 3 ක් පැවැති අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට මීගමුව, කෝල්ට්ස් සහ එන්.සී.සී කණ්ඩායම් සමත්විය.
මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට මිනෝද් භානුක (සී.සී.සී), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), ඩිල්ෂාන් මුණවීර (මීගමුව), සඳුන් වීරක්කොඩි (එස්.එස්.සී), දසුන් ශානක (එස්.එස්.සී), විශාද් රංදික (කෝල්ට්ස්), පැතුම් නිස්සංක (එන්.සී.සී) සමත්වූහ.
සී.සී.සී පිලේ රොන් චන්ද්‍රගුප්ත (95), බී.ආර්.සී පිලේ භානුක රාජපක්ෂ (93) ශතකය පෙනි පෙනී දැවී ගිය ක්‍රීඩකයෝ වූහ.
බී.ආර්.සී පිලේ දුවිඳු තිලකරත්න ලකුණු 195 කට කඩුලු 10 ක් සහ මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු දෑකුණු 142 කට කඩුලු 9 ක් දවාගනිමින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගනිමින් දස්කම් දැක්වීමට සී.සී.සී පිලේ අෂාන් ප්‍රියංජන්, ද්‍රවිඩ සංගම් පිලේ සුරංග ලක්මාල්, මීගමුව පිලේ උපුල් ඉන්ද්‍රසිරි, කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා සමත්වූහ.
සී.සී.සී. පිලට ලකුණු 145 ක ජයක්
බී.ආර්.සී සහ සී.සී.සී. කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. පළමු ඉනිම - සියලුදෙනා දැවී 416
(රොන් චන්ද්‍රගුප්ත 95, මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, දුවිඳු තිලකරත්න 102/6, තරිඳු කෞෂාල් 125/4)
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 277
(සාගර් මන්ගලෝකර් 52, භානුක රාජපක්ෂ 85, ශානුක දුලාජ් 37, තරිඳු කෞෂාල් නොදැවී 50, මාලින්ද පුෂ්පකුමාර 63/4, උස්මාන් ඉෂාක් 27/2, අෂාන් ප්‍රියංජන් 58/3, )
සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 267
(පවන්ත වීරසිංහ 82, රොන් චන්ද්‍රගුප්ත 77, අෂාන් ප්‍රියංජන් 45, ලසිත් අබේරත්න නොදැවී 25, දුවිඳු තිලකරත්න 93/4, චමීර දිසානායක 58/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 261
(දේෂාන් ඩයස් 33, භානුක රාජපක්ෂ 93, ශානුක දුලාජ් 68, අෂාන් ප්‍රියංජන් 42/5)
මේරියන්ස් පිලට කඩුලු 9 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලුදෙනා දැවී 162
(ප්‍රසන්සන ජයමාන්න 20, තරංග පරණවිතාන 45, මදුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 50/5, තික්‍ෂිල ද සිල්වා 42/4)
මේරියන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 346
(ලසිත් කෲස්පුල්ලේ 53, ඕෂධ ප්‍රනාන්දු 41, කමිඳු මෙන්ඩිස් 73, ශෙහාන් ජයසූරිය 44, තික්‍ෂිල ද සිල්වා 58, පුලින තරංග 31, සුරංග ලක්මාල් 79/5, මදුක ලියනපතිරණගේ 99/3)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 298
(කිත්රුවන් විතානගේ 30, මනෝජ් සරත්චන්ද්‍ර 158, අසිත ප්‍රනාන්දු 92/4, පුලින තරංග 34/2, නිමේෂ් විමුක්ති 42/2, ශෙහාන් ජයසූරිය 75/2)
මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 116
(ලසිත් කෲස්පුල්ලේ 23, සුමිත් ඝාන්දිගඕන්කර් නොදැවී 55, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 30)
මීගමුව පිලට පළමු ඉනිමේ ජයක්
එස්.එස්.සී සහ මීගමුව කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 428
(ඩිල්ෂාන් මුණවීර 120, අෂේන් සිල්වා 66, මාධව වර්ණපුර 66, පසිඳු ලක්ෂංක 40, සාද් නසීම් 32, රොස්කෝ තටිල් 51, උපුල් ඉන්ද්‍රසිරි 29, තරිඳු රත්නායක 125/4, හිමේෂ් රාමනායක 56/2)
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 409
(සඳුන් වීරක්කොඩි 114, කවිඳු කුලසේකර 57, දසුන් ශානක 130, ආකාෂ් සේනාරත්න 35, උපුල් ඉන්ද්‍රසිරි 110/5, රොෂේන් ප්‍රනාන්දු 114/4)
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 126
(ඩිල්ෂාන් මුණවීර 49, අෂේන් සිල්වා 24, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 29, තරිඳු රත්නායක 46/2)
කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්
යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 270
(තුලින ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, ඩිල්රුවන් පෙරේරා 58/5, නිසල තාරක 47/4)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 336
(අවිෂ්ක ප්‍රනාන්දු 41, හෂාන් දුමිඳු 27, විශාද් රංදික 132, ධනංජය ලක්ෂාන් 30, ඩිල්රුවන් පෙරේරා 25, මල්ක මධුසංක 83/3, හේෂාන් හෙට්ටිආරච්චී 55/2, දුෂාන් විමුක්ති 55/2, ජනිත් සිල්වා 75/2)
යුදහමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 268
(දුෂාන් විමුක්ති 20, දිනේෂ් චන්දිමාල් 89, අසේල ගුණරත්න 20, හිමාෂ ලියනගේ 33, ජනිත් සිල්වා 37, මල්ක මධුසංක 27, සංජීව් කුමාරසිංහ නොදැවී 20, ඩිල්රුවන් පෙරේරා 62/3, ප්‍රභාත් ජයසූරිය 109/3, නිපුන් මාලිංග 39/2, නිසල තාරක 51/2)
එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
එන්.සී.සී සහ ලන්කන් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 511
(පැතුම් නිස්සංක 129, ළහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුත් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51, සහන් ආරච්චිගේ 64, චාමික කරුණාරත්න 63, චානක රුවන්සිරි 57/3, ගීත් කුමාර 71/2)
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 394
(කසුන් අබේරත්න 36, ප්‍රිමෝෂ් පෙරේරා 66, දමිත සිල්වා 20, ගීත් කුමාර 70, චානක රුවන්සිරි 51, රිසිත් උපමාල් නොදැවී 59, සවන් කන්කානම්ගේ 54, චතුරංග ද සිල්වා 82/4, චාමික කරුණාරත්න 37/2, ලසිත් ඇඹුල්දෙණිය 88/2)
එන්.සී.සී දෙවැනි ඉනිම - කිසිවෙකු නොදැවී 147
(ළහිරු උදාර නොදැවී 68, මහේල උඩවත්ත නොදැවී 74)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.