Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පිල සුපිරි 12 ට
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාබ්වේ පිල සුපිරි 12 ට

editorial - 2022 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝබාට් නුවරදී ස්කොට්ලන්තයට එරෙහිව අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම, මෙවර (2022) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට පත්විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ක්‍රෙග් අර්වින් පන්දු 54 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 58 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිකන්දර් රාසා (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අර්වින් සමත් විය. පන්දු 23 කදී වාර්තා වූ වාර්තා වූ රාසාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජෝජ් මුන්සේ පන්දු 51 කින් ලකුණු 54 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. 

ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 132 
(ජෝජ් මුන්සේ 54, කැලම් මැක්ලියෝඩ් 25, ටෙන්ඩායි චටාරා 14/2, රිචඩ් න්ගාරාවා 28/2) 

සිම්බාබ්වේ - ඕවර 18.3 කදී කඩුලු 5 කට 133 
(ක්‍රෙග් අර්වින් 58, සිකන්දර් රාසා 40, ජොෂ් ඩේවි 16/2) 

-036 


අදහස් (0)

සිම්බාබ්වේ පිල සුපිරි 12 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.