Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හිස්ව ඇති අසුන ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන සිදත් වෙත්තමුණි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආසන්තම සභාපතිවරයාට හිමි අසුනේ කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා පරිපාලනයේ කටයුතු කිරීම තහනම් කිරීමත් සමඟ එම අසුන පුරප්පාඩු විය. සුමතිපාල මහතාගෙන් පසුව ආසන්නතම සභාපතිවරයා වන්නේ ඊට පෙර පැවැති අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි මහතාය.
විධායක කමිටුවේ තනතුර බාරගැනීම පිළිබඳව වෙත්තමුණි මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමේදී ඒ මහතා මෙසේද පැවසීය.
“අපෝ මම එන්නේ නෑ. කොහොමටවත් නෑ. ඔය කමිටුවත් එක්ක වැඩ කරන්න මම එන්නෙ නෑ” යයි වෙත්තමුණි මහතා කීවේය.
වෙත්තමුණි මහතා විධායක කමිටුවට පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අතුරු කමිටුවට පෙර පැවැති විධායක සභාවේ සභාපති ලෙස කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතාට එම තනතුරට පත්විය හැකිය.
ධර්මදාස මහතා ආසන්තම ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල මහතා හමුවේ පරාජයට පත්වූ අනෙක් සභාපති ධූර අපේක්‍ෂකයා ද වේ. කෙසේ වෙතත් මෙම තනතුර සඳහා ඕනෑම නිලධාරියකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.