Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැප්තැම්බර් 8 දා ආධාර තරගය කල්දමයි

සැප්තැම්බර් 8 දා ආධාර තරගය කල්දමයි

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ඒඞ් ව්‍යාපෘතියට ආධාර පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර සැප්තැම්බර් 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මාසයේ සිට එක දිගට ක්‍රිකට් තරග වලට සහභාගි වීම හේතුවෙන් ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්විමට වැඩි ඉඩකඩක් පවතින බවත් ඔවුන්ට විවේකයක් අවශ්‍ය බවත් තාක්ෂණ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රිඩයින් රැසක්ද ලෝක කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගය සදහා ක්‍රීඩා කිරීමට සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි කියැවේ.


ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තයට එරෙහිව පුහුණු තරග දෙකකින් ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය නැවත ශ්‍රී ලංකාව පැමිණීමෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරග පහකට සහ එක් ටෙස්ට් තරගයට සහභාගි විය. ඉන් අනතුරුව ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක්දින තරග දෙකකට සහ විස්සය++ි+ 20 තරගයකට සහභාගි විය යුතුය.


කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් අවස්ථා කිහිපයකදී මෙම තරගය සදහා සහභාගීවන ලෙස ඉල්ලා සිටියද ඔවුන්ට මෙම දිනයේදී සහභාගී විය නොහැකි බව දන්වා තිබූ බවද මෙම තරගය කල්දැමීමට හේතුවක් වූ බව පැවසේ. ඔවුන්ටද සහභාගිවිය හැකි ඉදිරි දිනයකදී මෙම තරගය පැවැත්විමට කටුයුතු යොදන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් පැවසීය.


ඉන්දියාවේ රොබින් උතප්පා, සුරේෂ් රයිනා සහ යුසූෆ් පතාන්ටද, පාකිස්තානයේ ශහීඞ් අෆ්රිඩි, මිස්බා උල් හක් සහ අබ්දුල් රාසාක්ටද, එංගලන්තයේ ටයිම් මිප්ස්, සිම්බාබ්වේ ග්‍රැහැම් ක්‍රීමර්, නවසීලන්තයේ ලුක් රොන්ච් සහ දකුණු අප්‍රිකාවේ ජේ.පී.ඩුමිනි සහ ෆර්හාන් බෙහාර්ඩීන් යන ක්‍රීඩකයෝ මෙම තරගයේදී ලෝක කණ්ඩායම සදහා සහභාගීවිමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.

 


අදහස් (0)

සැප්තැම්බර් 8 දා ආධාර තරගය කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.