Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාහා - රාහුල් - රෂීඩ් ගුජරාට් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

සාහා - රාහුල් - රෂීඩ් ගුජරාට් පිලට ජය ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විර්ධිමාන් සාහා (68), රාහුල් තේවාටියා (නොදැවී 40) සහ රෂීඩ් ඛාන්ගේ (නොදැවී 31) දක්ෂ පිතිහරඹය හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව මුම්බායිහිදී අද (27 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 40 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල සමත්විය.

මාර්කෝ ජැන්සන් යැවූ අවසන් ඕවරය තුලදී ගුජරාට් පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 22 ක් අවශ්‍ය වූ අතර පන්දුවට පහර දෙමින් සිටි රාහුල් තේවාටියා පළමු පන්දුයවට හයේ පහරක් එල්ල කළ අතර දෙවැනි පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේය. පන්දුවට පහරදීමේ අන්තයට පැමිණි රෂීඩ් ඛාන් අවසන් පන්දු 4 තුලදී හයේ පහර 3 ක් එල්ල කරමින් ගුජරාට් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

රාහුල් තේවාටියා පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් ලබාගත් අතර රෂීඩ් ඛාන් පන්දු 11 කදී හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 31 ක් ලබාගැනීමට සමත්විය. පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 68 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට විර්ධිමාන් සාහාට හැකිවිය.

රාහුල් තේවාටියා සහ රෂීඩ් ඛාන් එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 59 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ උම්රන් මලික් සිය ඕවර 4 ලකුණු 25 කට සීමා කරමින් ගුජරාට් පිලේ දැවී ගිය කඩුලු 5 ටම හිමිකම් කියනු ලැබීය.

කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් පිලේ  ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත්විය.

අභිෂේක් ෂර්මා පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඒඩ්න් මාක්‍රම් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් ලබාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ පසුපෙළ පිතිකරු ශෂංක් සිං පන්දු 6 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 25 ක් ලබාගත්තේය.

සිය ඕවර 4 තුල ලකුණු 39 ක් ලබාදුන් මොහොමඩ් ෂාමී කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 195

(අභිෂේක් ෂර්මා 65, ඒඩ්න් මාක්‍රම් 56, ශෂංක් සිං නොදැවී 25, මොහොමඩ් ෂාමී 39/3)

ගුජරාට් ටයිටන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 199

(විර්ධිමාන් සාහා 68, ශුබ්මන් ගිල් 22, රාහුල් තේවාටියා නොදැවී 40, රෂීඩ් ඛාන්ගේ නොදැවී 31, උම්රන් මලික් 25/5)

- 2079

 


අදහස් (0)

සාහා - රාහුල් - රෂීඩ් ගුජරාට් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.