Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම්කර ඇති එංගලන්ත සංචිතයට එංගලන්තයේ ශූරතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සහ ලෝක කුසලාන වීරයකු වන ජොෆ්රා ආචර් ඇතුළත් කර නැත. එහෙත් තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වේග පන්දු යවන්නාගේ හිදැස් පිරවීම සඳහා ක්‍රිස් වෝක්ස්, ඩේවිඩ් විලී සහ ලයාම් ඩෝසන් යන තිදෙනාම යළි කැඳවනු ලැබ සිටිති.
ඔවුන් තිදෙනා අතුරින් ක්‍රිස් වෝක්ස් අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළේ වසර 5 කට ඉහතදී, පාකිස්තානු පිලට එරෙහිවය.
ක්‍රිස් වෝක්ස් සහ ඩේවිඩ් විලී මෙන්ම රීස් ටොප්ලි යන තිදෙනාම සංචිතයට ඇතුළත් කර නැත්තේ ඔවුන් විවිධ ආබාධ වලින් පෙළෙන බැවිනි. අයි.පී.එල්. තරගාවලියේදී බෙන් ස්ටෝස්ක්සේ ඇඟිල්ලක පන්දුව වැදීම හේතුවෙන් ඔහුගේ ඇඟිල්ලේ අස්ථිය පුපුරා ගිය අතර ජොෆ්රා ආචර්ගේ වැළමිටේ ආබාධයක් කලක සිටම පවතී. එය සුවවෙන දිනයක් ගැන තවමත් කිසිවකුට කිව නොහැකිය.
කෙසේ වෙතත් මේ වසර අගදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන හෙයින් එංගලන්තය වෙනුවෙන් මෑත කාලයේදී ක්‍රීඩා නොකළ නමුත් මෙම ක්ෂේත්රයේ පළපුරුදු ක්‍රීඩකයන් නැවත දැකබලා ගැනීමට තමන්ට අවශ්‍ය බව එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසා තිබේ.
එංගලන්තයේ වත්මන් තේරීම් ප්‍රතිපත්තිය අනුව ජාතික කණ්ඩායම තෝරාගැනීමේ පූර්ණ වගකීම පැවරී ඇත්තේ ප්‍රධාන පුහුණුකරුවාටය. ලෝක කුසලාන තරගාවලියට පොරතුව පැවැත්වෙන බංග්ලාදේශ සහ පාකිස්තානු සංචාර වලදීත් එංගලන්තයේ පසුපෙළ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ක්‍රිස් සිල්වර්වුඩ් මහතා උනන්දුවෙන් බලා සිටී.
ක්‍රිස් වෝක්ස් වුවද 2019 ලෝක කුසලාන තරගාවලියේ වැදගත් මෙහෙවරක් කළ ක්රිඩකයකු පමණක් නොවේ. ටෙස්ට් කණ්ඩායමේද නිරන්තරව දස්කම් පෙන්වූ සාමාජිකයෙකි. ඔහු වසර කිහිපයක් එංගලන්තය වෙනුවෙන් විස්සයි-20 තරග ක්‍රීඩා නොකළේය. එහෙත් ඔහු අයි.පී.එල්. තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඩේවිඩ් විලී අවසන් වරට අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළේ වසර 2019 දීය. 2019 ලෝක කුසලාන කණ්ඩායමේදී විලීට සිය ස්ථානය අහිමි වූයේ ජොෆ්රා ආචර් ඔහුගේ ස්ථානයට ආදේශ වීම හේතුවෙනි. ලයාම් ඩෝසන් අවසන් වරට එංගලන්තය නියෝජනය කළේ 2018 දීය.
එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මේ වන විට නවසීලන්තය හා තරගාවලියක නිරතව සිටී. එහෙත් එංගලන්ත විස්සයි-20 සංචිතය (සීමිත ඕවර තරගාවලියේදී මෙය වෙනස් විය හැකිය) ලබන සෙනසුරාදා කාඩීෆ්හිදී පුහුණුවීම් සඳහා එක්රැස්වනු ඇත.
විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මේ මස 23 වැනිදා පැවැත්වේ.
එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බෙයාර්ස්ටෝ, සෑම් බිලිංග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්. ටොම් කරන්, ලයාම් ඩෝසන්, ක්‍රිස් ජෝර්ඩ්න්, ලයාම් ලිවිංග්ස්ටන්, ඩේවිඩ් මැලන්, අදිල් රෂීඩ්, ජේසන් රෝයි, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඩ්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.