Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටුවර්ට් බ්‍රෝඩ්ට 150 මඟහැරෙයි

ස්ටුවර්ට් බ්‍රෝඩ්ට 150 මඟහැරෙයි

editorial - 2021 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ පළපුරුදුම වේග පන්දු යවන්නකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග අහිමිවී යන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය අද (11 වැනිදා) නිවේදනය කළේය. දකුණු කකුලේ බත්කෙණ්ඩේ මස්පිඬු ඉරීයාමක් හේතුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ්ට තරගාවලිය මඟහැරී යනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ටේ‍රන්ට්බිජ් හිදී ජයපරාජයෙන් තොරව පසුගිය සතියේ අවසන්වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ බ්‍රෝඩ් තරගයෙන් අනතුරුව ස්කෑන් පරීක්‍ෂණයකට මුහුණ දුන්නේය. 150 වන ටෙස්ට් තරගයට සහභාගිවීමේ අරමුණින් අද පැවැති පුහුණු සැසියකට බ්‍රෝඩ් සහභාගි වුවද ඔහුගේ ආබාධය එහිදී උත්සන්නවී ඇත. ඔහු දැනට ටෙස්ට් තරග 149 කට සහභාගි වී තිබේ.

එංගලන්තයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් පිටුපසින් සිටිමින් නව පන්දුවෙන් දිගු කළක් තිස්සේ දස්කම් දැක්වූ බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 524 ක් දවාගෙන ඇත.
බ්‍රෝඩ් වෙනුවට තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැති සකීබ් මහමුද් කැදවා ඇති අතර ජාත්‍යන්තර එක්දින තරග 7 කදී සහ විස්සයි20 තරග 9 කදී ඔහු එංගලන්තය නියෝජනය කර ඇත.

ඔලී රොබින්සන්, මාර්ක් වුඩ්, ක්‍රේග් ඕවර්ටන් සහ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සමඟින් එක්ව සකීබ් මහමුද් එංගලන්ත වේග බලඇණිය ශක්තිමත් කරනු ඇත.

ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (12 වැනිදා) ලෝඩ්ස්හිදී ආරම්භවේ.

- 2079

 


අදහස් (0)

ස්ටුවර්ට් බ්‍රෝඩ්ට 150 මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.