Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටාක් - හෙසල්වුඩ් නවසීලන්තය වනසති

ස්ටාක් - හෙසල්වුඩ් නවසීලන්තය වනසති

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී නවසීලන්ත පළමු ඉනිම ලකුණු 162 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ සමත් වූහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොස් හෙසල්වුඞ් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත් අතර මිචෙල් ස්ටාක් ලකුණු 59 කට කඩුලු 3 ක් බිඳහෙළමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා හෙසල්වුඞ්ට අනගි සහායක් දුන්නේය. 

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ටොම් ලේතම් හතරේ පහර 7 ක් සමග ලකුණු 38 ක් රැස්කළ අතර මැතිව් හෙන්රි හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, නායක ටිම් සවුති හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද රැස්කළහ. 

පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියහ. ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳවැටුණු කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට මැතිව් හෙන්රි සමත් විය. 

ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 6 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 38 ක් පසුපසින් සිටි අතර ඒ වන විට මානස් ලැබුෂේන් හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය. රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි නේදන් ලයන් ලබා සිටියේ එක් ලකුණක් පමණි. 


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 162 
(ටොම් ලේතම් 38, කේන් විලියම්සන් 17, ටොම් බ්ලන්ඩල් 22, මැතිව් හෙන්රි 29, ටිම් සවුති 26, ජොස් හෙසල්වුඞ් 31/5, මිචෙල් ස්ටාක් 59/3) 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 124 
(උස්මාන් කවාජා 16, මානස් ලැබුෂේන් නොදැවී 45, කැමරන් ග්‍රීන් 25, ට්‍රැවීස් හෙඞ් 21, මැතිව් හෙන්රි 39/3) 

 

-036


අදහස් (0)

ස්ටාක් - හෙසල්වුඩ් නවසීලන්තය වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.