Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන වෙනුවෙන් සටන් වැද සිටින නවසීලන්තය හමුවේ වික‍්‍රමාන්විත ගමනක නිරත වූ ස්කොට්ලන්තය ඩුබායිහිදී අද (3 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 16 ක පරාජය පිළිගත්තේය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් ඉතිරිව නැතත්, සුදුසුකම් තේරීමේ තරගවලියෙන් කඩයිම පැනගත් කණ්ඩායමක් ලෙසින් ස්කොට්ලන්තයේ දස්කම් ඉදිරියේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ජ්‍යෙෂ්ඨ ‘පූර්ණ’ සාමාජිකයන්ට තර්ජනයක් වනු නිසැකය.
ලකුණු 173 ක ඉලක්කයක් කරා යද්දී, පස්වැනි ඕවරය නිමාවන විටත් පන්දු 7 කින් එක ලකුණක් පමණක් ලබා සිටි මැතිව් ක්‍රොස් හදිසියේම දුම්මල වරම අතට ගත්තේය. ඇඩම් මිල්න් යැවූ හයවැනි ඕවරයේ පළමු පන්දු 5 ම හතරේ සීමාවට යැවූ මැතිව් ක්‍රොස් 6 වැනි ඕවරය නිමා කළේ පන්දු 13 කින් ලකුණු 21 ක් ලබාගනිමිනි. එම ඕවරයේදී ඇඩම් මිල්න්ගේ පන්දු යැවීම සටහන් වූයේ 4,4,4,4,4,0 ක් ලෙසිනි.
ඕවර 10 නිමාවේදී නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව 3/70 ක් වූ නමුත් ස්කොට්ලන්තය ඕවර 10 නිමාවේදී 2/76 ක් ලබා සිටියේය. එතැන් සිට තිබුණේ අවසන් ඕවර 10 අතර තරගයකි. 15 වැනි ඕවරය වන විටත් ස්කොට්ලන්තය අභීත ගමනක යෙදෙමින් සිටි නමුත් එහෙත් නවසීලන්තය තරමක් ඉදිරියට පැනගෙන තිබිණ. අවසානය්දි පළපුරුදුකාරයෝ ජයගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය අවසන් ඕවර 10 න් ලකණු 102 ක් උදුරාගනිමින්, මෙම තරගයෙන් ජයගැනීමට නම් ලකුණු 173 ක් ලබාගන්න’යි ස්කොට්ලන්තයට අභියෝග කළේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මාටින් ගප්ටිල් (93* සහ ග්ලෙන් පිලිප්ස් (33) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනගමින් අණසක පතුරුවාගෙන සිටිය හැකි තරමේ ලකුණු සංඛ්‍යාවක් කරා නවසීලන්තය කැඳවාගෙන ගියහ.
නවසීලන්ත ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් විය. හයේ පහර 8 න් 7 ක්ම ගප්ටිල්ගේ පිත්තෙනි. ස්කොට්ලන්තයේ මාක් වොට් සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරගත්තේය. සෙසු පන්දු යවන්නෝ දැඩි ප‍්‍රහාරයකට ලක්වූහ.
පිට පිටම පන්දු දෙකකින් පිතිකරුවන් දෙදෙනකු කී‍්‍රඩාගාරයට යැවූ බ‍්‍රැඞ්ලි වීල්ගේ කඩුලූ ති‍්‍රත්වය ජේම්ස් නීෂම් විසින් වළක්වන ලද නමුත් බ‍්‍රැඞ්ලි හමුවේ දැවී ගිය මාටින් ගප්ටිල්ගේ පන්දු 56 ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 7 කින් සමන්විත වූයේය.
10 වැනි ඕවරයෙන් පසුව ලකුණු වේගය වැඩිකළද කඩුලූ නොදීමට පරෙස්සම් වූ ගප්ටිල් සහ පිලිප්ස් දෙදෙනා පන්දු 30 කින් ලකුණු 50 ක් උදුරා ගත්හ. මාටින් ගප්ටිල් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරද්දී ස්කොට්ලන්තයේ කි‍්‍රස් ගේ‍්‍රව්ස් අතින් ග්ලෙන් පිලිප්ස්ගේ පහසු උඩපන්දුවක් ගිළිහී ගියේය. පන්දු 35 කින් පැමිණි ගප්ටිල්ගේ අර්ධ ශතකය සම්පූර්ණ වූයේ දැවැන්ත හයේ පහරකිනි.
මුල් ඕවර 10 දී කලබලයකින් තොර නමුත් ස්ථාවර ගමනක යෙදෙනු නවසීලන්ත පිතිකරුවෝ ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් ප‍්‍රහාරාත්මක ඕවර 6 ක් නිමාවේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 52 ක් ලබාගත්හ. අද තරගයේදී ලකුණු 24 ක් ලබාගැනීමත් සමගින් මාටින් ගප්ටිල් විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ලකුණු 3000 කඩයිම පසුකළේය.
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ලකුණු 3000 කඩයිම පසුකර ඇත්තේ මාටින් ගප්ටිල් (3069) සහ ඉන්දීය පිතිකරු විරාට් කෝලි (3225) දෙදෙනා පමණි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 172 යි
(මාටින් ගප්ටිල් 93, ඩැරිල් මිචෙල් 13, ග්ලෙන් පිලිප්ස් 33, ජේම්ස් නීෂම් නොදැවී 10, බ‍්‍රැඞ්ලි වීල් 40/2, සෆියාන් ශරීෆ් 28/2)
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 156
(ජෝර්ජ් මන්සි 22, කයිල් කොඑට්සර් 17, මැතිව් ක්‍රොස් 27, රිචී බැරිංග්ටන් 20, කැලම් මැක්ලියොඞ් 12, මයිකල් ලීස්ක් නොදැවී 42, ටේරන්ට් බෝල්ට් 29/2, ඉෂ් සෝධි 42/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.