Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රිචී බැරිංග්ටන් (70) සහ මැතිව් ක්‍රොස් (45) දෙදෙනාගේ විශිෂ්ට සම්බන්ධතාවට ස්තුති වන්නට ඕමානයේ මස්කට් නුවරදී අද (19 වැනිදා) පැවැති සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී පැපුවා නිව් ගිනියානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 17 ක ජයක් ලබාගත් ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන තරගාවලියට පිවිසීමේ කඩුල්ල අබියසට පැමිණ සිටී. පළමු තරගයේදී බංග්ලාදේශය පරාජය කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ මේ වන විට සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරග තුනකින් දෙකක් ජයගෙන සිටිති.
අවසන් ඕවරයේදී කඩුලු 4 ක්ම දැවී ගියත් ඉතිරි පන්දු දෙකින් ලකුණු 10 ක් උදුරාගත් ස්කොට්ලන්ත පිතිකරුවෝ පැපුවා නිව්ගිනියානු පිල හමුවේ ලකුණු 165 ක් ලබාගත්හ. ඊට පිළිතුරු වශයෙන් පැපුවා නිව්ගිනියානු පිලට ලබාගත හැකිවූයේ ලකුණු 148 ක් පමණි. ඕවර 19.3 කදී පැපුවා නිව්ගිනියානු පිල දැවී ගියේය.
ලකුණු 166 ක් හඹා යාම ඇරඹූ නිව්ගිනියානු පිතිකරුවෝ ප්‍රහාරාත්මක ඕවර 6 තුළදී ලකුණු 35 කට කඩුලු 5 ක් අහිමි කරගත් බැවින් ආරම්භයේ සිටම අසරණ වූහ. එතැන් සිට 15 වැනි ඕවරය දක්වා අහිමි කරගත්තේ කඩුල්ලක් පමණක් වූවත් කඩුලු රැකගැනීම අපේක්‍ෂාව වූ බැවින් 6 වැනි ඕවරයේ සිට 15 වැන්න දක්වා ලබාගත හැකිවූයේ ලකුණු 26 කි. අවසානයේ ඉලක්කය කරා යාමට තරම් කඩුලු ඔවුන් සතු නොවීය.
කඩුලු රකින්නා වන මැතිව් ක්‍රොස් (45) සහ රිචී බැරිංග්ටන් (70) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 92 සඳහා මුහුණ දුන්නේ පන්දු 65 කට පමණි. පන්දු 36 කින් පැමිණි මැතිව් ක්‍රොස්ගේ ලකුණු 45 ට හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. අත්දැකීම් වලින් අඩු පැපුවා නිව්ගිනියානු පන්දු යවන්නන් සෙල්ලමකට ගත් බැරිංග්ටන්, පන්දු 49 කින් ලකුණු 70 ක් ලබාගත්තේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
ආරම්භයේ සිටම ක්‍රමානුකූල ආක්‍රමණයක නිරත වූ ස්කොට්ලන්ත පිතිකරුවෝ ප්‍රහාරාත්මක ඕවර 6 දී ලකුණු 32 ක් ලබාගත් නමුත් කඩුලු තමන්වෙත රඳවා ගත්හ. 15 වැනි ඕවරය නිමා වන විට ලකුණු 120 ක් ලබා සිටි ස්කොට්ලන්ත පිල සතුව අවසන් ප්‍රහාරය දියත් කිරීම සඳහා කඩුලු 7 ක් ඉතිරිව තිබිණ.
රිචී බැරිංග්ටන් 19 වැනි ඕවරයේදී දැවී යන විට ලකුණු 153 ක් පුවරුවේ තිබුණ නමුත් අවසන් ඕවරයේදී කඩුලු 4 ක් බිම දමා ගැනීමට වමතින් වේග පන්දු යැවූ කබූවා මොරේයාට හැකිවිය. එහෙත් එ වන විට හානිය සිදුවී අවසානය. අවසන් ඕවරයේ කඩුලු දැවී නොගිය පන්දු දෙකකින් ස්කොට්ලන්ත පිලට ලකුණු 10 ක් එක්විය.
කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. පළමු තරගයේදී බංග්ලාදේශය පරාජය කළ ස්කොට්ලන්ත කණ්ඩායම මෙම තරගය සඳහා පිවිසියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අරමුණ ඇතිවය. ඔව්හු සිය අරමුණ ඉටුකර ගත්හ.
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ට 165 යි
(ජෝර්ජ් මන්සි 15, මැතිව් ක්‍රොස් 45, රිචී බැරිංග්ටන් 70, කැලම් මැක්ලියොඩ් 10, කබූවා මොරේයා 31/4, චැඩ් සෝපර් 24/3)
පැපුවා නිව්ගිනියාව - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 148
(අසාද් වාලා 18, සේසේ බාවු 24, නෝමන් වනුවා 47, කිප්ලින් ඩොරිගා 18, චැඩ් සෝපර් 16, ජෝ ඩේවි 18/4)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.