Last Update  :  2025-07-25 15:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහාය පුහුණුකරු නවීඩ් නවාස්

සහාය පුහුණුකරු නවීඩ් නවාස්

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත්කරනු ලැබ ඇත. මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, නවීඩ් නවාස් මහතා, වසර දෙකක කාලයක් සඳහා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙසින් පත්කර තිබේ. නව තනතුර බාරගැනීමට පෙර නවීඩ් නවාස් මහතා බංග්ලාදේශයේ වයස 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

බංග්ලාදේශය වයස 19 න් පහළ ලෝක කුසලාන දිනාගත් 2020 වසරේදී එම කණඩායමේ පුහුණුකරුවා වූයේ ද නවීඩ් නවාස් මහතාය. මේ අතර නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට සහාය වීම සඳහා නව පුහුණු කාර්ය මණ්ඩලයක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

චමින්ද වාස් මහතා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පත්කර තිබෙන අතර පියල් විජේතුංග මහතා දඟ පන්ද යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින්ද, මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙසින්ද පත්කර තිබේ.

වාර්තා වන පරිදි, වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් සහ පන්දු රැකීම සඳහා පුහුණුකරුවන් පත්කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා පමණි. ඇරත් එම පත්කිරීම් අදාළ පුහුණුකරුවන්ට තවමත් නිල වශයෙන් දැනුම් දී නැත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩිසේ කළකිරීමට පත්ව සිටින ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෝ අදාළ පත්කිරීම් ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටිති.

අප්‍රේල් මස 18 වනිදා සිට වසර දෙකක කාලයක් වෙනුවෙන් පත්කරන ලද ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේත්, නවීඩ් නවාස් මහතාගේත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කාර්යභාරය වන්නේ බංග්ලාදේශ සංචාරයයි. එහෙත් චමින්ද වාස්, පියල් විජේතුංග මෙන්ම මනෝජ් අබේවික්‍රම යන තිදෙනාම වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමටත්, ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැඟී එන කණ්ඩායම් වලටත් සේවය කරති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදී ටෙස්ට් තරග දෙකක් සඳහා බංග්ලාදේශයේදී සංචාරය කිරීමට නියමිතය. මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මැයි මස 15 වැනිදා චිතගොං නුවරදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වැනිදා ඩකා හිදී ආරම්භ වීමට නියමිතය.

 


අදහස් (0)

සහාය පුහුණුකරු නවීඩ් නවාස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.