Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ සරේ ප්‍රන්ත කණ්ඩායම අතර එංගලන්තයේ ගිල්ෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සරේ ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 482 ක් ලබා සිටියේය.
ඒ අනුව සරේ ප්‍රාන්ත කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට වඩා ලකුණු 110 ක් ඉදිරියෙන් සිටියි. යසිරු රුද්‍රිගූගේ පන්දුවක් හමුවේ දුනිත් වෙල්ලාලගේ අතට උඩ පන්දුවක් දෙමින් ටොම් ලෝස් ලකුණු 8 කට දැවී යෑමත් සමග තෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 196 ක් ලබා සිටි සරේ ප්‍රාන්ත ක්‍රීඩකයෝ, ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 286 එක්කර ගත්හ. එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ බෙන් ගීඩ්ස් (104) සහ රයන් පටේල් (126) ශතක ලබමින් සරේ ප්‍රාන්ත ඉනිම සවිමත් කළහ.
ගීඩ්ස් සහ රයන් එක්ව සරේ ප්‍රාන්ත පළමු ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 227 කි. ඔවුන් දෙදෙනාගේ දැවී යෑම්වලින් අනතුරුව පිටියේ එක්වූ නිකෝ රෙයිෆර් (68) සහ ගුස් ඇට්කින්සන් (91) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 127 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහායක් දුන් නුවනිඳු ප්‍රනාන්දු ලගකුණු 78 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
ශ්‍රී ලංකා නැඟී එන පිල - කඩුලු 9 ක් දැවී 372
(ලසිත් කෲස්පුල්ලේ 32, නුවනිඳු ප්‍රනාන්දු 16, නිපුන් ධනංජය නොදැවී 150, අවිෂ්ක තරිඳු 48, මනෙල්කර් ද සිල්වා 16, දුනිත් වෙල්ලාලගේ 46, යසිරු රුද්‍රිගූ 17, ටොම් ලෝස් 34/3, අමර් විර්දි 67/3)
සරේ ප්‍රාන්ත පිල - කඩුලු 7 ක් දැවී 482
(බෙන් ගීඩ්ස් 104, රයන් පටේල් 126, ජැමී ස්මිත් 45, නිකෝ රෙයිෆර් 68, ගුස් ඇට්කින්සන් 91, දුනිත් වෙල්ලාලගේ 127/4, නුවනිඳු ප්‍රනාන්දු 78/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.