Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සන්තුෂ් ගුණතිලක ඉදිරියට පනී

සන්තුෂ් ගුණතිලක ඉදිරියට පනී

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) දෙවැනි සතිය නිමාවන විට ඡන්ද 460 ක් ලබා ගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක සමත්ව සිටියි.

දෙවැනි සතියේදී ඡන්ද සටනට අලුතින් එක් වූ සන්තුෂ්, සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ පළමු සතිය අවසන් වන විට ඡන්ද 33 ක් ලබා පෙරමුණ ගෙන සිටි ශාන්ත පීතර විදුහලේම ලක්ෂිණ රොද්‍රිගූ තෙවැනි ස්ථානයට ඇද දමමිනි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 63 ත් සමගින් ලක්ෂිණ රොද්‍රිගූ මේ වන විට ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 96 කි.  

ඡන්ද 140 ක් ලබා සන්තුෂ්ට වඩා ඡන්ද 320 ක් පසු පසින් සිටින ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ඔහුද දෙවැනි සතිය තුළදී ඡන්ද සටහනට අලුතින් එක් වූ ක්‍රීඩකයෙකි.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සහ කොළඹ ආනන්ද විදුහලේ සම්මු අශාන් පිළිවෙලන් ඡන්ද 25 ක් සහ 24 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු ඡන්ද 33 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටින අතර ගෙන ඇති අතර රත්ගම දේවපතිරාජ විදුහලේ රවීන් යසස් ඡන්ද 17 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතුරින් දෙවැනි සතිය නිමා වන විට ඡන්ද ලබාගැනීමට සමත් වී ඇත්තේ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (4) පමණි.  

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල     ඡන්ද
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල     460
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  140
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  96
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 25
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  24
තිළිණ පෙරේරා  කොළඹ වෙස්ලි විදුහල  21
දිනෙත් මඳුරවෙල  මරදාන ශාන්ත ජෝෂප් විදුහල 21
ශාලිත ප්‍රනාන්දු  වත්තල ශාන්ත අන්තෝනි විදුහල  17
පැතුම් නිස්සංක  කොළඹ ඉසිපතන විදුහල  13
ශනොගීත් ෂන්මුගනාදන්  මහනුවර ත්‍රිත්ව විදුහල  10
අවිෂ්ක පෙරේරා  කොළඹ නාලන්දා විදුහල 7
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල  6
තිලාන් නිමේෂ්  මොරටුව වේල්ස් කුමර විදුහල  6
කවිඳු ගිම්හාන්  කොළඹ ආනන්ද විදුහල 6
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  3
අවිෂ්ක ප්‍රනාන්දු  මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල  3
 
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
මාධව ප්‍රනාන්දු  මෝදර ද ලාසාල් විදුහල  33
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 17
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  3
 
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   4

 

- 036 


අදහස් (0)

සන්තුෂ් ගුණතිලක ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.