කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (16 සහ 17) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය (අස්ගිරිය) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය 2019 වසරේ සිට සංගා - මහේල කුසලාන වෙනුවෙන් පැවැත්වෙයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පිටියට පිවිසි කුමාර් සංගක්කාර මෙන්ම සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි මහේල ජයවර්ධනත් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූහ.
ත්‍රිත්ව විදුහල සහ නාලන්දා විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගය 1978 දී ආරම්භ වූ අතර එය විද්‍යාල දෙකේම ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන තැනක් ගන්නා තරගයකි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සුහදතාව මෙන්ම ක්‍රීඩාශීලිත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව වසර 2019 දී මෙම තරගය මහේල - සංගා කුසලාන තරගය වෙනුවෙන් නම්කරන ලදි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.