Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට...)
පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මින්හජුල් ආබ්දින් මහතා පවසයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ (සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග 3 ක් ඇතුළුව) තරග 6 කදී කඩුලු 11 ක් දවාගෙන සිටින සකීබ් මේ වන විට වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. මෙම තරග වලදී ලකුණු 131 ක්ද රැස්කරගෙන ඇති ඔහු වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ රැදී සිටියි.
මෙම ආබාධය සම්බන්ධයෙන් සකීබ් තව දුරටත් පරික්ෂණවලට භාජනය කිරීමට නියමිත බවත්, එම පරීක්ෂණවල ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්ව පිළිබඳව තිරණයක් ගන්නා බවද බංග්ලාදේශ තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේදී සකීබ්ගේ කලවේ මස්පිඬු ඉරීමකට ලක්වුණා. සායනික පරීක්ෂණවලදී එය පළමු ශ්‍රේණියේ ආබාධයක් බවට තහවුරු වුණා. ඒ අනුව ඔවුට ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග දෙක අහිමි වෙනවා.” යැයි බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සක දේබසිෂ් චෞද්‍රි මහතා කියා සිටියේය.
සුපිරි 12 දෙනාගේ වටය යටතේ මෙතෙක් සහභාගි වූ තරග තුනෙන්ම පරාජයට පත්වූ බංග්ලාදේශය, අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවටද පත් විය. නොවැම්බර් මස 2 වැනිදා සහ 4 වැනිදා පිළිවෙලින් දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශය තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.