Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ කඩුලූ 7 කින් පාකිස්තානය පරදවයි

සිම්බාබ්වේ කඩුලූ 7 කින් පාකිස්තානය පරදවයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන පිල සහ සිම්බාබ්වේ පිල අතර සිම්බාබ්වේහිදී පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලූ 7 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල අද (27 වැනිදා) සමත්විය.

අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ජයග‍්‍රහණයක් වාර්තාකර තිබෙන්නේ මීට වසර 15 කට පෙරාතුවය.

පාකිස්තානය ලබාදුන් ලකුණු 245 ක ඉලක්කය කඩුලූ 3 ක් පමණක් දැවී, පන්දු 10 ක් ඉතිරිව තිබියදීම පසුකරයාමට සිම්බාබ්වේ පිලේ පිතිකරුවෝ සමත්වූහ.

තරගයේ වීරයා බවට පත්වූ හැමිල්ටන් මස්කඞ්සා පන්දු 104 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළේය.

පාකිස්තාන පිල -  ඕවර 50 කදී කඩුලූ 7 කට 244
(නසීර් ජම්ශේඞ් 27, අහමඞ් ශෙහෙසාද් 24, මොහොමඞ් හෆීස් 70, මිස්බා උල් හක් නොදැවී 83, ටෙන්ඩායි චාටරා 32/2, බ‍්‍රයන් විටෝරි 42/2)

සිම්බාබ්වේ පිල -  ඕවර 48.2 කදී කඩුලූ 3 කට 246
(හැමිල්ටන් මස්කඞ්සා 85, වුසී සිබන්ඩා 54, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 43, ශේන් විලියම්ස් නොදැවී 39, සයිඞ් අජ්මාල් 44/2)

- 036
 


අදහස් (0)

සිම්බාබ්වේ කඩුලූ 7 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.