‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කළුතර සිරිකුරුස විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත්විය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහල කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර නොදැවී ලකුණු 54 ක් රැස්කළ කලණ හරේන්ද්‍ර තම කණ්ඩායම ජයග‍්‍රහණය පහසු කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිරිකුරුස විදුහල සියලූ දෙනා දැවී ලකුණු 137 ක් ලබාගත් අතර ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගත් ප‍්‍රවීන් ජයවික‍්‍රම, සිරිකුරුස විදුහලේ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළේය.
සිරිකුරුස විදුහල - ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 137
(ශිවකුමාර් ටිරෝන් 41, භාග්‍ය පේ‍්‍රමතිලක 23, ප‍්‍රවීන් ජයවික‍්‍රම 27/4, මලින්ද ජයෝද් 22/3, අවිෂ්ක පෙරේරා 26/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 35.1 කදී කඩුලූ 5 ක් දැවී 139
(කලණ හරේන්ද්‍ර නොදැවී 54, ශානක කුරේ 30, ශිවකුමාර් ටිරෝන් 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.