Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂුබ්මන් - ධූර්වි තරගාවලිය දිනවති
රංචි ටෙස්ට් තරගය

ෂුබ්මන් - ධූර්වි තරගාවලිය දිනවති

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව රංචි නුවරදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී ෂුබ්මන් ගිල් සහ ධූර්වි ජූරල් දෙදෙනා එක්ව කඩුලු 5 ක ජයක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියහ. ජයග්‍රහණය සඳහා ලකුණු 192  ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 120 ට ඇද වැටිණ. එහෙත් ෂුබ්මන් ගිල් (නොදැවී 52) සහ ධූර්වි ජූරල් (නොදැවී 39) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්ත කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය වූවත් රංචි හි පැවැති සිව්වැනි තරගය ජයගැනීමත් සමගින් ඔව්හු 3-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති. වසර 2022 දී එංගලන්ත කණ්ඩායම බාරගත් නායක බෙන් ස්ටෝක්ස් සහ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මුහුණ දුන් පළමු වැනි තරගාවලි පරාජය මෙයයි. බෙන් සහ බ්‍රෙන්ඩන් දෙදෙනා එක්වීමෙන් පසුව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව මඟක ගමන් ගත් අතර ආක්‍රමණය එහි තේමාව විය. ‘බස්බෝල්’ යනුනේ හැඳින්වෙන්නේත් එයයි. 
“ඒක නියම ටෙස්ට් තරගයක්..”

“මේ තරගයේ නියම තත්ත්වය ලකුණු පුවරුවෙන් පෙන්නුම් කරන්නේ නෑ. මා කියන්නේ එහි එක් එක් කොන්වල වගේම තරගය ගලායාමේදී දකින්නට තිබුණු දේ ගැන... ”

“ඒත් මේ වගේ දඟ පන්දු යවන්නන් ගැන ආඩම්බර නොවී කොහොමද ? ඔවුන්ගේ ටෙස්ට් දිවිය ආරම්භයේදම අභියෝග වලට මුහුණ දුන් ආකාරය ප්‍රශංසනීයයි” යයි  එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් තරගයෙන් පසුව පැවසීය. 

තරගයේ සිව්වැනි දිනය වූ අද (26 වැනිදා) ලකුණු 192 ක ඉලක්කය කරා ගිය ඉන්දියානුවන් ක්‍රීඩාව ආරම්භ කළේ කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටිමිනි. නායක රෝහිත් ෂර්මා සහ යශස්වී ජයිස්වාල් එක්ව පළමු කඩුල්ලේ සම්බන්ධතාව 84 ක් දක්වා දිගු කළහ. එහෙත් දිවා ආහාරයෙන් පසුව පිට පිට පන්දු දෙකකදී ෂොයිබ් බෂීර් ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීමත් සමගම ලකුණු පුවරුව කඩුලු 5 කට 120 ක් ලෙසින් වෙනස් විය. 

මෙම අවස්ථාවේදී ඉවසිලිවන්ත වූ ෂුබ්මන් ගිල් සහ ධූර්වි ජූරල් දෙදෙනා, පන්දුවට මුහණ දීමේ වාරය හුවමාරු කරගනිමින් ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙනගියහ. පන්දු 124 කට මුහුණ දුන් ෂුබ්මන් ගිල්ගේ ඉනිමට එකම හතරේ පහරක් හෝ ඇතුළත් නොවූ නමුත් ඔහු සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ බෂීර් හමුවේ පිට පිටම ගැසූ හයේ පහර දෙකකිනි. 


එංගලන්තය - පළමු ඉනිම 353 යි
ඉන්දියාව - පළමු ඉනිම 307 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 145 යි

ඉන්දියාව  - දෙවැනි ඉනිම කඩුලු 5 ට 192 යි
(රෝහිත් ෂර්මා 55, යශස්වී ජයිස්වාල් 37, ෂුබ්මන් ගිල් නොදැවී 52, ධූර්වි ජූරල් නොදැවී 39, ෂොයිබ් බෂීර් 79/3)

- 213


අදහස් (0)

ෂුබ්මන් - ධූර්වි තරගාවලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.