Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂිකාර් ධවාන්ගෙන් වාර්තාගත ඉනිමක්

ෂිකාර් ධවාන්ගෙන් වාර්තාගත ඉනිමක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු අප‍්‍රිකා ‘ඒ’ පිලට එරෙහිව සඳුදා (12 වැනිදා) පැවති එක්දින තරගයකදී පන්දු 150 කින් ලකුණු 248 ක් රැස්කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන ශිකාර් ධවාන් සමත්විය. ඉන්දියානු, දකුණු අප‍්‍රිකානු සහ  ඕස්ටේ‍්‍රලියා ‘ඒ’ කණ්ඩායම් අතර දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ධවාන් මෙම දස්කම කළේය.

ධවාන්ගේ මෙම වේගවත් ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 30 ක් ඇතුළත් වී තිබිණු අතර ඔහුගේ ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ඉන්දියා ‘ඒ’ පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 433 ක් ලබාගත්තේය.

පි‍්‍රටෝරියාවේදී පැවැති මෙම තරගයේදී දකුණු අපි‍්‍රකානුවන්ද එවැනිම වේගවත් පිතිහරඹයක නිරත වූ නමුත්  ඕවර 48.4 ක් අවසානයේ දකුණු අපි‍්‍රකානු ‘ඒ’ පිලේ සියලූ පිතිකරුවන් ලකුණු 394 කට දැවීයාම හේතුවෙන් ඉන්දියා ‘ඒ’ පිලට මෙම තරගයෙන් ලකුණු 39 ක ජයක් හිමිවිය.

ඉන්දියාව  ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 433
(ෂිකාර් ධවාන් 248, මුරලි විජේ 40, චෙට්ස්වාර් පුජාරා නොදැවී 109, දිනේෂ් කාර්තික් නොදැවී 18)

දකුණු අපි‍්‍රකාව  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 394
(රීසා හෙන්ඩි‍්‍රක්ස් 106, රිලී රොසොව් 43, වෝන් වැන් ජාස්වෙල්ඞ් 108, ජස්ටින් ඔන්ටොන්ග් 49, රොලොෆ් වැන්ඩර්මර්ව් 36, ජයිදේව් උන්ක්දාත් 79/2, ඉෂ්වාර් පාණ්ඬේ 76/4)

 

 


අදහස් (1)

ෂිකාර් ධවාන්ගෙන් වාර්තාගත ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.