Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයවැය සම්මතයිලූ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයවැය සම්මතයිලූ

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 56 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී එහි වාර්ෂික ගිණුම් වාර්තාව ඒකමතිකව සම්ම්ත වු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම එහි සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මෙට්ලන්ඞ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී පිළිගැනීමේ කථාව කළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විස්සයි20 ලෝක කුසලාන සහ ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට, කණ්ඩායමේ නිලධාරීන්ට සහ තේරීම් කමිටුවට ස්තූතිය පළ කළ අතර එම ජයග‍්‍රහණ ලබා ගැනීමට සහයෝගය දැක්වූ අනුග‍්‍රහකයන්ට විශේෂ ස්තූතිය ප‍්‍රකාශ කළේය.

මෙහිදී සභාපති ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා පසුගිය වසර කීපයේදී මූල්‍ය අංශය ඉතාමත් හොඳින් මෙහෙයවීම වෙනුවෙන් ස්තූති කළ බවත් ඊට අමතරව උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතාට ද ස්තූති කළ බව ද මාධ්‍ය නිවේදකයේ වැඩි දුරටත් සඳහන් වේ.


 - 048


අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයවැය සම්මතයිලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.