Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයේ නවකයන්ට වැඩි තැනක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයේ නවකයන්ට වැඩි තැනක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිත නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය සඳහා ප‍්‍රබල කී‍්‍රඩකයන් 22 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීමේ කමිටුව විසින් අද (22 වැනිදා) නම් කරන ලදි.

මේ දිනවල සිංගප්පූරුවේ තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා 23 න් පහළ කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කරන සමයේදී ඉතා ඉහළ දස්කම් පෙන්වූ කී‍්‍රඩකයන්ගෙන්ද සමන්විත මෙම ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට අවශ්‍ය වුවහොත් ජාතික කණ්ඩායමෙන්ද කී‍්‍රඩකයකු හෝ දෙදෙනකු කැඳවීමට තේරීම් කමිටු සාමාජිකයෝ සූදානම්ව සිටිති.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය සඳහා නායකයකු නම්කර නැත්තේ අවස්ථානුකූලව කණ්ඩායමේ නායකයා තෝරා ගැනීමට බවද දැනගන්නට ඇත.

ශී‍්‍ර ලංකා ඒ’ පිල නියෝජනය කළ කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ජාතික සංචිතයට ඇතුළත් කර ඇති බැවින් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල තෝරා ගැනීමේදී නවකයන්ට වැඩි අවස්ථාව හිමිවූ බවද තේරීම් කමිටු සාමාජිකයෙක් පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
උදාර ජයසුන්දර, කුසල් ජනිත් පෙරේරා, මහේල උඩවත්ත, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, අශාන් පි‍්‍රයන්ජන්, ඇන්ජලෝ පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සචිත‍්‍ර සේරසිංහ, කෞෂාල් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු, විමුක්ති පෙරේරා, ළහිරු ජයරත්න, ඉෂාන් ජයරත්න, මලින්ද පුෂ්පකුමාර, තරිඳු  කෞෂාල්, චතුරංග ද සිල්වා, සීක්කුගේ ප‍්‍රසන්න සහ අඛිල ධනංජය
 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයේ නවකයන්ට වැඩි තැනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.