Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා යොවුන් පිල යන්තම් ගැලවෙයි

ශී‍්‍ර ලංකා යොවුන් පිල යන්තම් ගැලවෙයි

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ඉන්දියානු 19 න් පහළ පිල අතර දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු යොවුන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (26 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා 19 න් පහළ පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා 19 න් පහළ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා 19 න් පහළ පිලට පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියේය. ශ්‍රී ලංකා 19 න් පහළ පිලට පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 256 ක් පමණි.

ඒ අනුව ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ලකුණු 247 ක ඉලක්කයක් හිමිවූ අතර තරගය නිමා වන විට ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල කඩුල්ලක් අතැතිව, ප‍්‍රතිවාදීන්ට වඩා ලකූණු 17 ක් පමණක් ඉදිරියෙන් සිටියේය.

කවිඳු කුලසේකර (76) සහ මිනෝද් භානුක (56) පළමු ඉනිමේදීත්, සදීර සමරවික‍්‍රම (88) සහ තිලක්ෂ සුමනසිරි (62) දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා 19 න් පහළ පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

 

ඉන්දියා 19 න් පහළ පිල පළමු ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී 503
(සුභාම් කජූරියා 52, අඛීල් හර්වඞ්කර් 71, විජය සෝල් 173, සංජු සැම්සන් 89, ශි‍්‍රයාස් අයියර් 65, චාමික කරුනාරත්න 94/4)

ශ්‍රී ලංකා 19 න් පහළ පිල පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී 256
(හෂාන් දුමිඳු 42, කවිඳු කුලසේකර 76, මිනෝද් භානුක 56, සදීර සමරවික‍්‍රම 17, කුල්දීප් යාදව් 95/4, අතුල් සිං 39/3, චමා මිලින්ද් 41/2)
 
ඉන්දියා 19 න් පහළ පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී 264
(කුසල් මෙන්ඩිස් 21, සදීර සමරවික‍්‍රම 88, තිලක්ෂ සුමනසිරි 62, රමේෂ් මෙන්ඩිස් නොදැවී 22, ශි‍්‍රයාස් අයියර් 22/2, අතුල් සිං 38/2, චමා මිලින්ද් 46/2)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා යොවුන් පිල යන්තම් ගැලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.