ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල සහ එංගලන්ත වයස 17 න් පහළ පිල අතර එංගලන්තයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී ලකුණු 399 ක් ලබා සිටියේය.
එංගලන්ත 17 න් පහළ කණ්ඩායම ලකුණු 190 කට දවාගැනීමට සමත් වූ හෙයින් දෙවැනි දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා 17 න් පහළ පිල ලකුණු 208 ක් ඉදිරියෙන් සිටියේය.
ශී‍්‍ර ලංකා 17 න් පහළ පිල වෙනුවෙන් දක්ෂ පිහිරඹයක නිරතවූ කේ. බණ්ඩාර හතරේ පහර 12 ක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අනගි සහයක් දුන් අවිෂ්ක ප‍්‍රනාන්දු (56), එස්. ආරච්චිගේ (60) සහ සී. කරුණාරත්න (66) අර්ධ ශතක රැස්කළහ. එස්. ආරච්චිගේ සමග ලකුණු 140 සම්බන්ධතාවයක් ගොඩනැගූ බණ්ඩාර, සී. කරුණාරත්න සමගද ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායමේ ලකුණු ප‍්‍රමාණය ඉහළ දැම්මේය.
පිට දඟ පන්දුයවන කී‍්‍රඩක රවීන් සේයර් ලකුණු 71 කට කඩුලූ 8 ක් දවාගනිමින් එංගලන්ත පළමු ඉනිම ලකුණු 190 කට සීමා කිරීමට සමත්විය.
එංගලන්ත වයස 17 න් පහළ පිල පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී 190
(ඒ. ඩොල් 30, ජේ. වෙතිර්ලි 57, කේ. ස්මිත් 30, ආර්. ජෝනස් 21, ජේ. ඔඩෙල් 20, රවීන් සේයර් 71/8)
ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල ළමු ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී 399
(ලසිත් ලක්ෂාන් 28, අවිෂ්ක ප‍්‍රනාන්දු 56, සිතාර ගිම්හාන් 26, මාධව නිමේෂ් 23, කේ. බණ්ඩාර 109, එස්. ආරච්චිගේ 60, සී. කරුණාරත්න 66, බී. ටේලර් 96/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.